BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 04, 2017

මධ්‍යම අධිවේග‍යේ ඉදිකිරීම්වලට බාධා කළොත් නීතිමය පියවර

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වලට බාධා කරන අයට එරෙහිව උසාවි නියෝග අනුව නීතිමය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා පවසයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන අධිවේගී මාර්ගයට අනිසි බාධා සිදු කිරීම් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මෙම ඉල්ලීම නොසලකා හැර කටයුතු කරන අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීති මඟින් කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණෙන් දිගින් දිගටම සිදු වන බාධා කිරීම් වලට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය කුරුණෑගල පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් ඒ අනුව නිකුත් කළ උසාවි නියෝගයට මෙසේ නීති මඟින් කටයුතු කිරීමට හැකියාව තිබෙන බවත් සුරියආරච්චි මහතා ප්‍රකාශ කරයි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට විරුද්ධ සීමිත හා සංවිධානාත්මක පිරිසක් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඩාල කිරීමට විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන බවත් රජය විසින් ලබා දෙන වන්දි ලබා ගත් පිරිසක් පවා දේශපාලන අතකොළු බවට පත් වෙමින් මෙම ක්‍රියාවලියේ නිරත වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ නිසා සංවිධානාත්මක කල්ලිවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කර මර්ගයේ ඉදිකිරීම්වලට සහයෝගය දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
« PREV
NEXT »