BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 29, 2017

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වසන් කිරීමට තවත් ඝාතනයක් ගැන එළියට

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය වසන් කිරීම සදහා තවත් ඝාතන සිදුකර ඇතැයි රාවය කතෘ වික්ටර් අයිවන් විසින් සිදුකල ප්‍රකාශයක් පිලිබදව තොරතුරු අපට ලැබී ඇත. ඔහු එම අදහස් පළකර ඇත්තේ 2016/10/24 මාධ්‍යට විශේෂ ලිපියක් සපයමින් වන අතර ඔහුගේ ලිපියේ දැක්වෙන්නේ ඔහු මතු කරන කරුණට අදාළව සාක්ෂි ඔහු සතුව පවතින බවයි.

මේ වික්ටර් අයිවන්ගේ ලිපියේ උපුටා ගත් කොටසක්.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව කෙරෙන පරීක්ෂණයෙන්ද හෙළිදරව් වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ එය හමුදා බුද්ධි අංශය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනයක් වන බව පමණක් නොව එම ඝාතන සිද්ධියේ ඇත්ත වසන් කොට මහජනයා තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා අහිංසක මිනිසුන් දෙදෙනකු ඝාතනය කරන ප්‍රතිපත්තියක් බුද්ධි අංශය විසින් අනුගමනය කර තිබෙන බවය.

කොළඹ අත්තිඩියේදී ලසන්ත ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වැනිදාය. 2009 ජනවාරි 27 වැනි දින අත්තිඩිය ඇලේ ගිල්වා තිබියදී ටේ්‍රල් වර්ගයේ මෝටර් බයිසිකලයක් අත්අඩංගුවට ගන්නා ලදි. එහි එන්ජිමේ නියම අංකය අනුව මෝටර් බයිසිකලයේ හිමිකරුවා වූයේ පරසිවම් ත්‍යාගරාජා නමැත්තෙකු බව සොයා ගන්නා ලදි. ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝගයක් මත රඳවා තබා ගත්තේය. හිමිකරුවා කියා තිබුණේ එම මෝටර් බයිසිකලය විනෝද් කුමාර වීරසිංහම් නමැති පුද්ගලයකුට ඊට අවුරුදු දෙකකට පමණ ඉහතදී විකුණා තිබුණු බවය. එම පුද්ගලයා ගැන කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වී තිබෙනුයේ එම පුද්ගලයා චෙට්ටිකුලම්වල පුද්ගලයකු බවත් එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එම මෝටර් සයිකලයේ ගමන් කරමින් සිටියදී (එය සිදුවී ඇත්තේ ලසන්ත ඝාතනය කෙරුණු දිනට පසු දිනය.) හමුදා ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදුව එම ජීප් රථයෙන් පැමිණි හමුදා සෙබළෙකු විසින් ඔවුන් දෙදෙනාගේ මෝටර් සයිකලය රැගෙන ගොස් තිබෙන බවය. අත්තිඩියේ ඇළේ තිබී හමුවී ඇත්තේ එම මෝටර් සයිකලයයි.

මෝටර් සයිකලේ ගමන් ගත් දෙදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේදී ඒ දෙදෙනා අනුරාධපුරයේ ගම්මිරිස් වැව ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී හිසට වෙඩි තබා මරා දමා තිබෙන බව සොයා ගන්නා ලදි. එම මරණ දෙකේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මළසිරුරු දෙකේ ඡායාරූප හා හිස්කබල් දෙක තමන් වෙත තබාගෙන තිබෙන අතර පසුගිය දිනක එම පුද්ගලයන් දෙදෙනාගේ පවුලේ අය ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබේ. දේවල් සිදුවී තිබෙන්නේ කොතරම් බිහිසුණු හා කුරිරු ආකාරයටද යන්න ඉන් තේරුම්ගත හැකිය. දෙමළ මිනිසකුට අයිති මෝටර් බයිසිකලයක් දියේ ගිල්වීමට අවශ්‍ය වූයේ එය දෙමළ මිනිසකු කරන ලද ඝාතනයක් බව පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ නිසා විය හැකිය. ඒ සඳහා එම මෝටර් බයිසිකලය උදුරාගෙන එහි ගමන් ගත් දෙදෙනා නොමරා සිටීමේ හැකියාවක් තිබියදී එහි ගමන් ගත් දෙදෙනා මරා දැමීමෙන් පෙනෙන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා මිනිසුන් මැරීම ඔවුන්ට ඒ කාලයේ ඉතාමත් සාමාන්‍ය දෙයක් වී තිබුණු බවය.

අද මාධ්‍ය නිදහස වෙනුවෙන් කියමින් කටමැත දොඩන මහින්දලාගේ බලය පවතී කාලය තුල මාධ්‍ය නිදහස පැවති ආකාරය පිලිබදව හොදම නිදර්ශන මෙම සටහනින් ලබාගත හැක.
« PREV
NEXT »