BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 13, 2017

හංස සභාපතිට පුරවැසිකම නැති නිසා මැකෝ රත්වෙයි - පැවති ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න කොමිසම කැදවයි

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ වන විට ශලීල මුණසිංහ විසින් මෙරට ජාතික හැඳුනුම්පතක්‌ මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, ඉන්පසු පක්‍ෂ නායකයකු ලෙස මැතිවරණ දෙපාර්ත්මේන්තුවේ

රැස්‌වීම්වලට ද සහභාගි වී තිබේ. කෙසේ වෙතත් ඒ කිසිදු අවස්‌ථාවක තමන් විදේශ පුරවැසියකු බව මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට නොපැවසූ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින නීතිය හා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මැතිවරණ කොමිසම විසින් 19 වැනිදා සිදුකරන බව කී සභාපතිවරයා රටේ නීති පැනවීම හා නීතිය අර්ථ දැක්‌වීම මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්‌ නොවන බව ද කීය.

රටේ වර්තමාන නීතිය අනුව ජනාධිපතිවරණය සඳහාත් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහාත් විදේශ පුරවැසියකුට තරග කළ නොහැක.

– දිවයින
« PREV
NEXT »