BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

නීතීඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා, රංග කලන්සූරිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වී තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කිරීමට නියමිත බව අප වෙත වාර්තා වේ. 

මේ පිළිබඳ අප කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුණේ තවම මෙම නම්කිරීම ස්ථිර කර නොමැති නමුත් එවැනි සූදානමක් රජයේ පාර්ශවයෙන් තිබෙනා බවයි.

ලංකාවේ ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකු වූ සුදර්ශන ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව වැඩසටහන් අන්තර්ගතයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට උත්සාහ ගනිමින් සිටියි. ගුවන් විදුලිය සම්පත් දායකයන්ගේ රේඩියෝවක් බවට පත්කරමින් එහි ග්‍රාහක සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් වැඩි කරගැනීමට පසුගිය මාස කිහිපය තුළ ඔහු සමත් විය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුර වසර දෙකකට ආසන්න කාලයක් හෙබවූ රංග කලන්සූරිය මහතා, ජනමාධ්‍ය නියාමන පනතක් ගෙන ඒමට ගත් උත්සාහය හේතුවෙන් පසුගිය දිනවල මහත් විවේචනයන්ට බඳුන් වී සිටියේය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණු සැප්තැම්බර් 28 වැනිදාට පසුදිනම ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
« PREV
NEXT »