BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

මන්ත්‍රී රන්දීර් නිදන් හොරෙක් ද? - කල්ලිය නිධානයක් ගන්න පැමිණි බවට සැකයක්

දිවුලපිටිය – හේන්පිටගෙදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ හැඳල නිවසේ තිබී තවත් අවි ආයුධ කිහිපයක් හමුවී තිබේ.


ඔහුගේ නිවසේ තිබී කඩුවක්, කිණිස්සක් සහ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 65ක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කර සිටියි.

පසුගියදා (23) සැකකරුගේ නිවසේ තිබී පිස්තෝල උණ්ඩ 100ක වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.


මීට අමතරව සැකකරුගේ නිවසේ තිබී වාහන අංක තහඩු දෙකක් ද හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිද ද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම පිරිස කිසියම් කණ්ඩායමක් විසින් ලබා ගත් නිධානයක් ලබා ගැනීමේ අරමුණින් මෙලෙස මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවය.

ඔවුන් කණ්ඩායම් 3ක් ලෙස වෑන් රථයකින්, ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ සිටි බව පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ගමන් ගත් වෑන් රථයෙහි පාතාල සාමාජිකයින් 11 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර එක් අයෙකු කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව ද අනාවරණ වී තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

« PREV
NEXT »