BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 12, 2017

තායිවාන් ගිණුම් හැක්‌ කිරීමට සැක ශලීලට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයත් නැහැ

තායිවාන බැංකුවක මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව රහස්‌ පොලිසිය කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඊයේ (11 දා) දැනුම් දුන්නේය. 

ලිට්‍රොa ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයකු බවත් ඔහුට ලංකාවේ රැඳී සිටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් 08 වැනිදා අවසන් වන බවත් රහස්‌ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ශලීල මුණසිංහ මහතාට අමතරව අත්අඩංගුවට ගනු ලැබූ ජනක චමින්ද නම්මුණි නම් සැකකරු එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයකු යෑයි ද රහස්‌ පොලිසිය දැනුම් දුන්නේය.

නිව්යෝර්ක්‌ නුවර පිහිටි ‘‘සිටි බැංකු මූලස්‌ථානයේ‘‘ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක්‌ බෙදාගැනීමට සූදානමින් සිටි ඉන්දියන් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇතැයි ද දැනුම් දුන් රහස්‌ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ සිදුකරමින් සිටින්නේ යෑයි ද සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව රහස්‌ පොලිසිය දැන්වූ අතර ඊට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර දුන්නාය.
« PREV
NEXT »