BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 07, 2017

රවීට එරෙහිව එජාප ජේෂ්ඨයන් වෙනසකට මුල පුරයි - උප නායකකමටත් තට්ටුවෙන ලකුණු

දිස්ත්‍රික් නායකයා වූ තමාද දැනුම්වත් නොකර රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විවිධ වැඩසටහන් පවත්වා ජාඇළදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම පිළිබඳව තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළ බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ආරාධනා නොකර පක්ෂයේ වැඩකටයුතු කිරීමත්, එසේම ඔවුන් පාක්ෂිකයන් ඉදිරියේ හෑල්ලු කිරීමත් ගැන තමන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස හෙළාදකින බව ඒ මහතා කීය.

මේ සියලු දෙනා කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට විසඳුමක් ලබාදෙන මෙන් තමන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව අමරතුංග මහතා සඳහන් කළේය.

රවිට එජාප උපනායකකමත් නැති වෙන්න යයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට බැඳුම්කර සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනා අනුව එක්සත් ජාතික පක්ෂයේ ගෞරවයට හා පැවැත්මටත් යහපාලන රජයටත් බරපතළ හානියක් සිදුව ඇති බවට පැහැදිලිවම තහවුරු වී ඇති බැවින් ඔහු එජාප උප නායක ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එජාප මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වෙයි.

වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක් පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා හමුවී රවි කරුණානායක මන්ත්‍රිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලීමක් කළ පසු තවත් මැති ඇමැතිවරු පිරිසක් මෙම තීරණයට එළැඹ සිටින බව සිරිකොත මූලස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුවද රවි කරුණානායක මන්ත්‍රිවරයා තමන්ට අදාළ නොවන කටයුතුවලට මැදිහත්වීම නිසා පාක්ෂිකයන් අතර තමන් අසීරුතාවට පත්වන බවද ඔවුහු පෙන්වාදී තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය විදේශ සංචාරය නිමකර ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ පිළිබඳව අවධානය යොමු කරවීමටත් මේ මස අග භාගයේදී රත්නපුරයේදී පැවැත්වීමට නියමිත 71 වැනි සංවත්සරයේදී වැඩිදුරටත් කරුණු දැක්වීමටත් ඔවුහු අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.


මව්බිම ඇසුරිනි
« PREV
NEXT »