BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 29, 2017

මහින්ද ඉන්දියා ගියේ රහස්‌ සාකච්ඡාවකටද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සිදුකරන සංචාරය අතරතුරදී එරට ආණ්‌ඩුවේ විශේෂ නියෝජිතයන් කිහිපදෙනකු සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

එම සාකච්ඡාවල රහස්‍යභාවය ආරක්‍ෂා කරගැනීම පිණිස ඊට සහභාගි වන්නේ කවුරුන්ද යන වග හෝ එම සාකච්ඡා පැවැත්වෙන ස්‌ථාන කවරේද යන්න හෝ බාහිර පාර්ශ්වයන්ගෙන් වසන් කර තැබීමට එරට නියෝජිතයන් කටයුතු කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුකරන ද්වීපාර්ශ්වික ගනුදෙනු පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (28 දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඒ අනුව තෙදිනක්‌ පුරා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත හිටපු ජනාධිපතිවරයා එහිදී ඉහත කී රහස්‌ සාකච්ඡා පවැත්වීමට නියමිත බව වාර්තා වේ.
« PREV
NEXT »