BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

මලික්-කබීර් බැඳුම්කර කොමිසමට පැමිණෙයි

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද(11) පෙරවරුවේ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණයේය.‍

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන් හමුවේ සිදු කෙරේ.

බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මුදල් අමාත්‍යංශයේ පැවැත්වු රැස්වීම් වලට කබීර් හෂිම් සහ මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ද සම්බන්ධ වූ බවට කොමිසම හමුවේ සාක්කි ඉදිරිපත් විය.

ඒ අනුව එම සිද්ධීන් පිළිබඳව සත්‍ය කරුණු හෙළිකර ගැනීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවා ඇතැයිද වාර්තා වේ.
« PREV
NEXT »