BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 21, 2017

මහානාම සමරවීර සැමදා ජනතාව සමඟ සිටි අභීත නායකයෙක්

මහානාම සමරවීර මහතා සැමදා ජනතාව සමග සිටි තම හෘද සාක්ෂියට අනුව වැඩකළ අභීත නායකයෙකු බවත් තම රජය මාධ්‍යයට අතතබද්දී තම හෘර්ද සාක්ඛියට අනුව ආණ්ඩුවෙන් ඉවත්වී විරෝධය පෑමට තරම් ශක්තිවන්තයකුවි අනාගතයට ආදර්ශයක් ලබාදුන් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

මහානාම සමරවීර ජන්ම සියවස් සැමරුම වෙනුවෙන් මාතර නූපේ පරණ ඕලන්ද ගොඩනැගිල්ලේදී පැවති සමරු උත්සවය අමතමින් එලෙස පැවසූ ජයසූරිය මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

නිවාස ඇමැතිවරයා වශයෙන් මහානාම සමරවීර මහතා ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසදුම් දෙන්න කැපවීමෙන් ක්‍රියාකළා. ජනතාව වෙනුවෙන් වැඩකළ නිවාසයක් නැති නිවාස ඇමැතිවරයා ලෙස තමා ගැන හිතනවා වෙනුවට ජනතාව වෙනුවෙන් තම දේශපාලන ශක්තිය මෙන්ම උගත් දේද උපරිමයෙන් කැපකළා.

අද මම මේ උත්සවයට ආවේ හරිම සතුටෙන්. පිදිය යුත්තෙක් පුදන්න ලැබීම වාසනාවන්ත අවස්ථාවක්. ඒ මැදිහත් මහත්මා දේශපාලනයක් කරපු, දෑත් පවිත්‍රව තබාගෙන මහජනතාව සමග හැගීමෙන් කටයුතු කළ නායකයකු නිසයි. ඔහු ධනවතාටත් දුබලයාටත් එකසේ සැලකුවා. එතුමා ජනතාව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය, අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් පෙනීසටි ආකාරය ආදර්ශවත්.

මහානාම මහතා සතුව තිබූ ගුනාංග දේශපාලඥයෙකුට බොහොම අඩුයි. ඒ නිසයි එතුමා සමග ජනතාව හැමදාම නොවෙනස්ව රැදී සිටියේ. මේ සැමරුම තුළින් අපට පෙනීගියා මාතර ජනතාවගේ කෘතගුණ දැක්වීමට තිබෙන ගුණය. එය විශිෂ්ට එකක්. මම මේ උත්සවයට එනවා කියි ප්‍රසිද්ධවුණාම මට ටෙලිපෝන කෝල් තිහක් විතර ආවා. ඔබතුමා එනවද? මේක ඉතාමත් හොද දෙයක් ආදී ලෙස කතාකළ අය කීවා. එයට අමතරව මට දීරඝ ලියමනක් ආවා. ඒක එව්වෙ හනීෆා කියල මහත්තයෙක්. ඒකෙ තිබුනා මහානාම සමරවීර මහතා දේශපාලනයට ආදා සිටි කළ හොද වැඩ. පුවත්පත් වාර්තා පවා ඒ සමග එවා තිබුණා. මේවා තමයි උතුම් මිනිස් ගුණාංග. ඒ වෙනුවෙන් මාතර දිස්ත්‍රික් ජනතාවට මගේ උපහාරය පුද දෙනවා.

ජනතාව වෙනුවෙන් කටයුතුකළ, ජනතාව වෙනුවෙන් කැපවුණු, ජනතාව සමග ජීවත්වුනු මහානාම සමරවීර ශ්‍රී නාමයට මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපහාරය පුදකරනවා. අද මේ රටේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනවා. එදා ජනතාවට රටේ පුවත් දැනගන්න තියෙන අයිතිය වෙනුවෙන් මහානාම සමරවීර මහතා පෙනී සිටියා. තම හඩ අවදිකළා. නිවැරදි තොරතුරු ජනතාවට යනවිට හොරකම, දූෂණය, වංචාව අඩුවන බව එතුමා හොදින් දැනසිටියා. මම හිතන්නෙ අද එතුමා කොහේහරි ඉන්නවානම් සන්තෝෂ වෙනවා ඇති තොතාරතුරු දැනගැනීමේ පනත තුළ රටේ නාස්තිය අඩුවන ආකාරය දැක.

එදා මහානාම සමරවීර මහතා ගෙනගිය මගේ යමින් එතුමා කළ සංවර්ධනය තව තවත් වැඩිකරමින් අද මංගල සමරවීර මහතා මාතර ජනතාවට විශාල සේවාවක් කර තිබෙනවා. මාතර බස් නැවතුම, මහානාම පාලම, මහාමාර්ග, මේ අපි දැන් ඉන්න ගොඩනැගිල්ල ඓතිහාසික බව රැකගනිමින් නැවත ජනතාවට සකස්කරදීම එතුමාගේ විශිෂ්ට සේවාවන්. අපි දෙපිලක සිටියදීත් මම එතුමාගේ හොද වැඩපිළිවෙළ අගයකළා.

හිටපු දකුනු පළාත් ප්‍රධාන ඇමැති එච්. ජී. සිරිසේන මහතා - එදා කොමියුනිස්ට පක්ෂයේ වැඩකටයුතු වලදී අපි එකට වැඩකළා. එතුමා නීතීඥයෙකු වශයෙන් කටයුතු කරද්දී කවදාවත් සල්ලි ඉල්ලුවේ නෑ. ජනතාව බලෙන් කීයක්හරි ලාච්චුවට දාල ගියොත් පමණයි. කිසිම දිනික මිල මුදල් පසුපස හබාගියේ නෑ. ඒක මහානාම සමරවීර චරිතයේ හැමදාම තිබුණා. මාතර නීතීඥ සංගමයේ කොන්දක් පණ තියෙන එකම නීතීඥයා වශයෙන් එතුමා එදා කටයුතු කළා.

එදා එතුමා නිවාස ඇමැතිවරයා ලෙස හිටියා. නිවාසයක් නොමැතිව මියපරලොව ගියි එකම නිවාස ඇමැතිවරයා මහානාම සමරවීර මහතායි. වැඩි කතා නැති එතුමා වැඩියෙන් සිදුකෙළේ ජනතාව වෙනුවෙන් වැඩ. එය අදටත් ජනතාව බුක්තිවිදිනවාමොතර කිසිම ‍කෙනෙක් හදුනන්නේ නැතිව පලමුවරට ඡන්දයට ආපු මංගල සමරවීර එදා ජයග්‍රහනය කළේ මහානාම සමරවීර මහතාට තිබූ ගෞරවනීය භාවය නිසයි. එය අදටත් ජනතාව අතර තිබෙනවා. මේ එහි හොදම අවස්ථාවකි.

මේ අවස්ථාව අමතා මහානාම සමරවිර ගුණසමරු කමිටුවේ සාමාජික උපුල්සිරි ගංගලආරච්චි, කමිටු ලේකම් නන්දසේන වික්‍රමරත්න මහත්වරුද කතාකළ අතර ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණුපළාත් ඇමැතිවරුන්වන චන්දිමා රාසපුත්‍ර, යූ.ඩී.ජී. ආරියතිලක මහත්වරු ප්‍රමුඛ පළාත්සභා මන්ත්‍රීවරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී හා මහජනතාව විශාල පිරිසක් ද මේ අවස්ථාව සදහා එක්ව සිටියහ.


« PREV
NEXT »