BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 02, 2017

බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ - මංගල

'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි
මෙහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා...

"බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි.
රටේ උද්ඝෝෂණ තියෙන එක දූෂණ චෝදනාවක් එල්ලවුණ ඇමැති කෙනෙක් නිදොස්භාවය ඔප්පු කරන්න ඉල්ලා අස්වෙනකොට සමහරු හිතනව ආණ්ඩුව වැටෙන්න යනව කියල. ඒකෙන් පෙනෙන්නෙ ආණ්ඩුව කොච්චර ශක්තිමත් ද කොයි තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනව ද කියන එකයි.
2018 වසරේ දි අපේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.2යි. ඒ වසරේ ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7යි. ඒකෙන් 84%ක් මහින්ද රාජපක්ෂ මහත්තය මුදල් ඇමැතිතුමා හැටියට ගත්ත ණයයි. ඔවුන් කලින් ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තය කියපු නිසා නෙවෙයි. මේ අර්බුදේ එන නිසයි." යනුවෙනි.
« PREV
NEXT »