BREAKING NEWS
latest

728x90

468x60

Saturday, October 14, 2017

ගංවතුර-නාය සහන කටයුතු එන මස නිමකළ යුතුයි

වැඩකටයුතු කරන්න බැරි නම් දැනුම් දෙන්න. මම ඒ අය ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා, වෙනත් අය යොදවා ලබන මාසයේ සිට ඒ වැඩ ටික කරවන්නම්.

ගංවතුරෙන් හා නායයෑම් විපත්වලින් හානියට පත් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (13) සීමාසහිත මොරවක්කෝරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති ශාලාවේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීම අවස්ථාවේදී අගමැතිවරයා ඒ බව අවධාරණය කෙළේය.



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කීය.

මාතර දිස්ත්‍රික්කයේ හානි වූ ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 356 ක මුදලක් දැනට ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා ඉල්ලුම්පත් 1361 ක් ලැබී තිබෙනවා. ඔක්තෝබර් 10 වැනිදා වන විට මේ අය ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. හානි වූ ගො‍ඩනැගිලි ඉල්ලුම්පත් 1361 න් එකක් සඳහාවත් ගෙවීම් කර නැහැ. එමනිසා රුපියල් මිලියන 356 ක මුදලින් සතයක්වත් ගෙවා නැහැ. මේ ගෙවීම් සඳහා ප්‍රමාදයක් ‍ඇතිවී තිබෙන්නේ ඇයිදැයි? මෙහිදී අගමැතිවරයා ප්‍රශ්න කෙළේය.
« PREV
NEXT »