Thursday, October 26, 2017
Home
Gossip Lanka News
ගෝඨාගේ එවුන් අපිව කෑවා' - මහින්ද - බැසිල් සහ ගෝඨා අතර ගිණිවිජ්ජුම්බරයක් වෙලා
ගෝඨාගේ එවුන් අපිව කෑවා' - මහින්ද - බැසිල් සහ ගෝඨා අතර ගිණිවිජ්ජුම්බරයක් වෙලා
-
Thursday, October 26, 2017
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල 'මිනීමරු කතාව' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් විවේචනයට ලක්ව තිබේ.
සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු පැවසුයේ, තම පක්ෂය බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් යුතුව ශ්‍රී ලාංකීය උගත් බුද්ධිමත් පරපුර ඉලක්ක කර ගනිමින් ගෙන ගිය අති සාර්ථක ප්‍රචාරක මෙහෙයුමට කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශයෙන් බරපතල හානියක් සිදුවූ බවයි.
අන්තවාදී මත දරන කිහිප දෙනෙකු දේශපාලන දැනුමක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතාව නොමග යවමින් ජනප්‍රිය චරිතවීමට බොළඳ උත්සහයක් දරන බව පැවසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම ප්‍රකාශකයා, කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ද විවේචනයට ලක්ව ඇතැයි ද කියා සිටියේය.
එකාබද්ධයත් අවුලක !
එසේම, ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ද කමල් ගුණරත්නගේ ප්‍රකාශයට විරෝධය පළකර ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග' සංවිධානයට අනුග්‍රහය නොදක්වන ලෙස ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.
යන එනමං නොමැතිව නන්නත්තාරව සිටි යහපාලන ආණ්ඩුව, කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශය යොදා ගනිමින් ගොඩයාමට උත්සාහ දරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
දේශද්‍රෝහීන්ට මරණය !
නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවත් 'වියත් මග' විසින් පසුගිය 21 වෙනිදා ගම්පහදී පැවැති රැස්වීමකදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශය කරනු ලැබුවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ද මුලසුනේ තබාගෙනය.
88-89 කාලයේ ත්‍රස්තවාදීන් විසින් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන දේශද්‍රෝහීන්ට ද මරනය ලබා දිය යුතු බවත්, 88-89 කාලයේ දී මෙන් එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා එහිදී අවධාරණය කර සිටියේය.
මහින්ද 88-89 ට යන්න එකඟ ද ?
88 - 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයා කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර,
අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නට සූදානම් බව එමගින් අවධාරණය කර තිබේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, 88-89 යුගයේදී තමා සමග අත්වැල් බැඳ ගනිමින් 'මව්වරුන්ගේ පෙරමුණ' ගොඩනැගු මහින්ද රාජපක්ෂ මහතා යලිත් ඒ යුගයට යාමට සුදානම් දැයි වහාම රට හමුවේ ප්‍රකාශකළ යුතු බව කියා සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...