BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 17, 2017

බැදුම්කර චිත‍්‍රපටය ත‍්‍රාසජනක වෙයි - රවි කරුණානායකට දුන් සුපිරි නිවසේ හිමිකාරිය රටින් පලා යයි

රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාට කොළඹ සුපිරි නිවාසයක් කුලියට ලබා දුන් එම නිවසේ හිමිකාරි වන අනිකා විජේසුරිය රට හැර ගොස් ඇතැයි අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.

එහිදී හෙලි වූයේ හිටපු ඇමතිවරයෙකුගේ සමීපතම පුද්ගලයෙකු විසින් අදාල සාක්‍ෂිකාරියට එරෙහිව මරණීය තර්ජනය එල්ල කර ඇති බවයි.

ඇය රටින් පිටවී ඇත්තේ එම මරණ තර්ජන නිසා බවද සදහන් විය.

අද දිනයේ බැදුම්කර කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේය.

රුපියල් ලක්‍ෂ 116ක කුලියක් ගෙවමින් අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් ලබා දුන් බව එම නිවා සංකීර්ණයේ හිමිකරු වන අනිකා විජේසූරිය මීට පෙර බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙනු ලැබීය.
« PREV
NEXT »