BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 12, 2017

ශලිල මුණසිංහ ඇතුළු ජාත්‍යන්තර හොරු කල්ලිය බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) නියෝග කළාය.

මෙලෙස රක්ෂිතභාර ගත ‍කෙළේ තායිවානයේ ප්‍රසිද්ධ ෆාඊස්ටන් බැංකුවෙන් සයිබර් ප්‍රහාරයක් සිදු කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 2.104ක (රුපියල් ලක්ෂ 3000ක්)පමණ බැංකු පරිඝණක දත්ත මගින් සොරකම් කර මෙරට බැංකුවක තමාගේ ගිණුමකට තැන්පත් කළ බව කියන සිද්ධියේ සැකකරුවන් වන ශලීල මුණසිංහ සහ පළමු සකකරුවන ජනක චමින්ද නම්මුනිගේ නැමැති සැකකරුවන් වෙයි.

මෙම සැකරුවන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නිතිඥ නිලින්ද ඉන්දතිස්ස මහතා ඇතුලු නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලබා දිය නොහැකි බව කී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නැතැයිද බන්ධනාගරයේ අවශ්‍ය ආරක්ෂාව ඇති බවද කීවාය.

මේ සිද්ධියට අදාළ තවත් ආධාර අනුබල දුන් අය සිටි නම් විමර්ශනය කර ඒ අය වහාම අත්අඩංගුවට ලන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළා.

මේ සිද්ධියේ දෙවන සැකකරු වන ශලිල මුණසිංහ මෙරට පුරවැසිභාවය නැති එංගලන්ත ජාතිකයකු බවත් ඔහු 1990 ගණන් වලට අයත් දත්ත මැකි ගිය ජාතික හැදුනුම්පතක් ඉදිරිපත් කරමින් මෙරට බැංකු ගිණුමක් විවෘත කර ඇති බවත්, අධිකරණයට කී රහස් පොලිසිය නම්මුනිගේ නැමැති සැකකරු ද්විත්ව පුරවැසිභාවය ඇති අයකු බවද කියා සිටි අතර මෙම පුද්ගලයින් දෙදෙනාටම ඔවුන් වෙනත් රටවල පුරවැසියන් වන හෙයින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය සම්බන්ධයෙන් වගකීමක් නැති බව පෙන්වා දුන් අතර මෙම සිද්ධිය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් රටට විශාල අපකීර්තියක් එක් කළ බවද කියා සිටියේය.

මේ පුද්ගලයින් දෙදෙනා ලබා දුන් ප්‍රකාශ පරස්පර බවත් පළමු සැකකරු මේ වංචාව කිරිමට දෙවන සැකකරු අණ දුන් බවත් දෙවන සැකකරු පළමු සැකකරු අණ දුන් බවත් රහස් පොලිසයට ප්‍රකාශ ලබා දී ඇති බවත් බාහිරව ලබා ගත් තොරතුරු වලට අනුව තවත් අය සම්බන්ධද යන්න විමර්ශනය කරන බවත් කී රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

මෙම සිද්ධිය අදාළ දෙවන සැකකරු වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන ඉන්දියන් ජාතිකයිනිත් දෙදෙනා ලිට්රෝ සමාගමට ගෙන්වා සාකච්ඡා කර ඇති බවටත්, වෙන් කර ගෙන තිබු හෝටල් කාමරයේ දී හමු වී සාකච්ඡා කර ඇති බවටත් සී සී ටී වී දර්ශන සහ සෙවකයින්ගෙන් ලත් ප්‍රකාශ වලට අනුව තහවරු වී ඇති අතර අවස්ථා දෙකකදී ඔවුන්ට රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා දී ඇති බව විමර්ශන තහවරු කළ බවත් කී රහස් පොලිසිය පළමු සැකකරු අත්අඩංගුවටට ගත් දිනම ඉකුත් 10 වනදා දක්වා වෙන් කර තිබු හෝටලයේ ඔවුන්ගේ භාණ්ඩ තිබියදීම පැය 23.10ට මුම්බායි බලා පිටත්ව ගිය යූ එල් 302 ගුවන්යෙනයෙන් පිටත්ව ගොස් ඇති බවත් කියා සිටියේය.

ජාත්‍යන්තර පොලිස් විමර්ශණ කණ්ඩායමක් තායිලන්ත බැංකුවේ ගිණුම් හිමියා ,බැංකුවේ කළමණාකරු ඇතුලු පිරිසක් අද ඉදිරිපත්ව ඇති බව කී රහස් පොලිසිය මෙම සිද්ධියට අදාළ සොරකම් කළ බව කියන මුදලින් බැංකුවේ රුපියල් මිලියන 270ක් රදවා ඇති බවටත් සැකකරුවන් අත තිබී ඉදිරිපත් කරන ලද ුමදල් වලට අමතරව තවත් රුපියල් ලක්ෂ 240ක මුදලක් සොයා ගැනිමට ඇති බවත් කියා සිටියේය.

මේ සිද්ධියට අදාළ එම බැංකුවෙන් අමේරිකානු ඩොලර් මිලියන 69.5ක මුදලක් සයිබර් ප්‍රහාරය මගින් වෙනත් රටවල ඇති ගිණූම් වලට මාරු කර යවා ඇති බවත් ශ්‍රී ලකාවට ලැබි ඇත්තේ ඉන් ඩොලර් මිලියන 2.104ක් බවත් කී ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එම මුදල සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් සිදු කර නැතැයි ද කියා සිටියේය.

මේ ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ තායිවානයේදී බවත් ඒ සඳහා සැකකරුවන් ගේ සම්බන්ධතාවයක් නැති බවත් කී ජනාධිපති නිතිඥවරයා විමර්ශන සිදු කිරිමට ඇති නිසා ඇප ඉල්ලීමක් සිදු නොකරන බවත් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ නිලින්ද ඉන්දතිස්ස, නිතිඥ සුගත් ජයසුන්දර,ජයන්ත ඩයස් නානායක්කාර, නිරෝෂන් සිරිවර්ධන, ඉන්දික ගිරාගම ඇතුලු නිතිඥ මඩුල්ල අධීකරණයේ පෙනි සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් රීක්ෂක සුගත් අමරසිංහ සහ මාරසිංහ මහත්වරුන් විසින් අධිකරණයට කරුණූ ඉදිරිපත් කෙළේය.
« PREV
NEXT »