BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

CEYPETCO තෙල් මිල වැඩිකරන්නේ නෑ - ඇමැති අර්ජුන : IOC තෙල් මිල ඉහළයන ලකුණු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තෙල් මිල වැඩි කිරීම සදහා ලංකා අයි. ඕ.සී සමාගම (ඉන්දියන් ඔයිල් සමාගම) හා මුදල් අමාත්‍යාංශයත් තමා සමග ද සාකච්ඡා කළ බවත් දැනට තෙල් මිල වැඩි නොකරන ලෙස රජයක් ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කළහොත් ජනතාව මත පැටවෙන බර ගැන සිතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබා ගෙන හෝ තිබෙන මිලටම තෙල් සැපයීමට ඉදිරිපත් විය යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

නමුත් තෙල් මිල වැඩිකළ යුතු බවට රජය තීරණය කළොත් වැඩි කිරීමට සිදුවන බවද අවධාරණය කළ අමාත්‍යවරයා ලංකා අයි. ඕ. සී සමාගමට අවශ්‍ය නම් තෙල් මිල වැඩි කළ හැකි නමුත් ඔවුන් මෙරට දී තමන්ට අවශ්‍ය දේ කිරීමට උත්සාහ කිරීම වරදක් බව ද කියා සිටියේය.

තෙල් මිල සම්බන්ධයෙන් කඩිනමින් මිල සූත‍්‍රයක් හදුන්වා සිය යුතු බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔවුන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පෙට්‍රල් හා ඩීසල් මිල ඉහල දමනවා - අයි. ඕ. සී. (IOC

කෙසේ වෙතත් ඉදිරි දින කීපය තුළදී ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා අයි. ඕ. සී. (IOC) සමාගම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි.

එම ඉන්ධනවල වැඩි කරන මිල ගණන් තවම තීරණය කර නැතැයි ද ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු බව රජයට දැනුම් දී ඇතැයි ද එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ශ්‍යාම් බෝරා මහතා ප්‍රකාශ කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ වත්මන් මිල ගණන් අනුව ඉන්ධන අලෙවියේදී තම සමාගමට විශාල පාඩුවක්‌ ලැබීමට සිදුවී ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් පසුගිය කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගියද 2015 වසරේ ජනවාරි මාසයෙන් පසු අයි. ඕ. සී. පෙට්‍රල් මිල වැඩිකර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය වසරේ (2016) සැප්තැම්බරයෙන් පසු ලංකා අයි. ඕ. සී. සමාගම ඩීසල් මිල ඉහළ නංවා නොමැත.
« PREV
NEXT »