BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 19, 2017

අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්

පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගැනීම සදහා පැමිණි මවක් එම ගෙදර නිවැසියන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත මව පසුව මාධ්‍යයට පැවසුවේ “මම පහුවදා පොලීසියට ගිය පසු පැමිණිලිකාර කාන්තාවද පැමිණියා. අඹ ගෙඩි 03 ක් කඩාගත් වැරැද්ද මා බාරගන්නා බවත්, මෙය සමථයකට පත් කරදෙන්න යැයි මා පොලිසියෙන් මා ඉල්ලා සිටියා. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරුද්ධ වුණා. පසුව ඇය පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී කියා සිටියේ වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස එම නෝනලාගේ ගස්වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කරගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩූසිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කරගන්නා බවයි.පසුව මා එයට කැමති වුණා. පොලීසියෙන් කොළයක්ද දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කරගන්නා බවට ලියා අත්සන් කරන්න. ඒත් අවසානයේ එයටද එම නෝනා විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන්, මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.”

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සිදුවීම පිලිබදව බොහෝ මාධ්‍යවල පළවූ අතර මේ පිලිබදව ජනාධිපතිතුමාගේ අවධානයද යොමු විය.වහාම එම කොට්ටාශය භාර ජ්යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබාගත් ජනාධිපතිවරයා එම සිදුවීම පිලිබදව ඔහුගෙන් විමසුවේය.

පසුව මේ පිලිබදව ඉතාම කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දැන්වූ ජනාධිපතිවරයා ජ්යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයාට ඉතා තදින් කියා සිටියේය.

එම පරීක්ෂණයට අනුව ජ්යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අනුරාධපුර මුලස්ථාන පොලිස්ථානාධිපතිවරයා වෙනත් පොලිස් ස්ථානයකට මාරු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ .
« PREV
NEXT »