BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කොටපොල පවුල් 182 කට නිවාස ආධාර

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන ඇත. එම නිවාසහිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත. 

එනම්,

අවදානම් රහිත වෙනත් ඉඩමක් හිමි ය සනහා එම ඉඩම්වල නිවාස ගොඩනගාගැනීමට මුදල් ආධාර ලබාදීම.

පදිංචියට සුදුසු ඉඩමක් නොමැති අය සඳහා නව ඉඩමක් මිලදීගැනීමට රුපියල් ලක්ෂ 04 ක අමතර මුදලක් ලබාදීම.

පදිංචියට සුදුසු ඉඩමක් නොමැති සහ මිලදී ගැනිමටද ඉඩමක් නොමැති පුද්ගලයින් සඳහා රජය විසින් පදිංචියට සුදුසු ඉඩමක් ලබාදීම.


මෙම අවස්ථා තුනේම පුද්ගලයින් සඳහා නව නිවසක් ඉදිකරගැනීමට රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබාදෙන අතර එම නිවාස වල මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත. මාතර දිස්ත්‍රික්කය තුල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ පළමු අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් 04 ක් සඳහා නව නිවාසවල වැඩ ආරම්භ කිරීම සනහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක් පත් ප්‍රදානය කිරීම සිදුවුණි. ඒ පසුගිය 25 වැනිදා මොරවක, නයාමුල්ල අමාත්‍යවරයාගේ කාර්යලයේදියි. 

මෙම අවස්ථාවට කොටපොල ප්‍රාදේශීයලේකම් ගනේෂ අමරසිංහ මහතාද  එක්ව සිටියේ ය.
« PREV
NEXT »