BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 09, 2017

කොරියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින සුහදශීලී මිත්‍රත්වය හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම පිණිස 2017-2019 කාලපරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කොරියානු රජය එකඟ වී තිබේ.

කොරියානු රාජ්‍ය ණය ආධාර ඉතා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දෙන අතර, එකී ණය නැවත ගෙවීම සඳහා වසර 10ක සහන කාලයක් ඇතුළුව වසර 40ක කාලයක් හිමි වේ.

ඒ අනුව, කොරියානු අපනයන හා ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් ලබා දීමට නියමිත ඉහත ණය මුදල ලබාගැනීම සඳහා කොරියානු ජනරජයේ ආණ්ඩුව සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
« PREV
NEXT »