BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 14, 2017

ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැති 5 ක්‌ ළඟදීම විපක්‍ෂයට

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේa ප්‍රබල මැති ඇමැතිවරුන් පස්‌ දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනෙක්‌ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ හා එක්‌ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ ඒ අතර වෙති.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ 'දිවයින' ට පැවැසීය.

ඉවත්වීමට නියමිත මෙම ඇමැතිවරුන්ගෙන් තිදෙනකුම ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය සමගි කිරීමට දැඩිසේ කැප වූ අය වන අතර එම උත්සාහය අසාර්ථක වීම නිසා මේ වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බවද හෙතෙම කීය.

රනිල් ධර්මසේන
« PREV
NEXT »