BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 08, 2017

එක්සත් ජාතික පෙරමුණ ලෙස පළාත් පාලන ආයතන 80%ක් ජයග්‍රහණය කරනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ ලෙස පළාත් පාලන ආයතන සියයට අසූවක් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(07) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සුබවාදීව, යුහුසුලුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.

පසුගිය රජයේ පාලකයින් මෙගා ඩීල් ගැසූ අන්දමට ඔවුන්ගේ ගමේ නියෝජිතයින්ද ඩීල් ගසමින් බෝක්කු පාලම් හැදු අන්දම ජනතාව දන්නා බවද මන්ත්‍රීවරයා පැවසූහ. පක්ෂයට නව සංවිධායකවරුන් පත්කරන්නේ විවිධ නිර්නායක බලමින්, පක්ෂයේ බහුතර මතය අනුව යයිද ප්‍රකාශ කෙළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ විවාදය හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණ ඇතුලු ජාතිවාදීන්ගේ සහ උතුරේ ජාතිවාදය වපුරන විග්නේෂ්වරන් මහතාගේ සිහින බොඳවූ බවද කීය.

මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැය සහන පිරුණු අයවැයක් වනු ඇති බවට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

‍පැවැති රජයේ පුද්ගලයින් වත්මන් රජය පෙරලිම සඳහා විශාල ලෙස මුදල් යොදවමින් සිටින බවද කී මන්ත්‍රීවරයා තෙල් ගැටලුව ඇතිවීම සම්බන්ධ‍යෙන් විවිධ සැක සංකා පවතිනවා යයිද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වාර්තාව පිළිබඳව පාර්ලිමේතුවේ විවාද සිදුවුණා. ඒ සඳහා විශාල කථිකයෝ ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. නව ව්‍යවස්ථාවක් පිළිබද ලියවිල්ලක් තමා මේ වන විට ඉදිරිපත් වෙලා තිබෙන්නෙ.

නව ව්‍යවස්ථාවක් පිළිබඳ විවාදයේදී රටට හොඳ පණිවුඩයක් ලැබුණා. මොකද එක්තරා පිරිසක් පැවසූයේ නව ව්‍යවස්ථාක් මගින් රට දෙකට තුනට කැඩෙන බවයි. බුද්ධාගමට තිබෙන තැන නැතිවෙන බව කීවා. එසේ කියපු අයගේ මතය මෙම විවාදය තුළින් නිෂේද වුණා. ටි.එන්.ඒ මන්ත්‍රීවරුන්ගේ නියම මතය විරුද්ධවාදීන්ට දැන ගන්නට ලැබුණා. පෙඩරල් රටක් පිළිබඳව කතා කළ ඔවුන් වත්මනෙහි ‍කුමන මතයක සිටිනවාද කියා පිළිඹිඹු වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාත් අපට දැන ගන්නට ලැබුණා. ජාතික නිදහස් පෙරමුණේ සිටින මන්ත්‍රිවරු හොඳ කථිකයො. ඔවුන්ට කබරගොයා තලගොයා කරන්න පුලුවන්. වීරවංශ මත්තයාගේ අත්තනෝමතික තිරණ නිසා ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගැටලු ඇතිවුණා. පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බව පැවසූ වීරවංශ මහතා ව්‍යවස්ථා දායක සභාවෙන් ඉවත් වි කර ගත්තෙ තමන්ගේ බෝම්බය අතේ පත්තුකර ගැනීමක්. මේ නිසා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයොම විමල් මන්ත්‍රිවරයාට දොස් පවරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද පසුගිය දා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කළා. ඒක අප ඉතා අගය කරනවා.

මේ විවාදය ජනතාව ගුවන් විදුලියෙන් සවස් දුන්නා, රූපවාහිනියෙන් බැලුවා. නව ව්‍යවස්ථාවක් පිළිබඳව මේ වන විට රටේ ජනතාගේ තිබූ සැක සංකා බොහොමයක් දුරුවි ඇති බවයි අපට වාර්තා වී තිබෙන්නෙ. මෙය තිබුණු ව්‍යවස්ථාවට වඩා හොඳ බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒකිය රටක් ලෙස ඉදිරියට යාමට සූදානම්, බලය බෙදන්න සූදානම්. බුද්ධාගමට නිසිතැන ලබාදීමට සුදානම් බව ජනතාවට තේරුම් ගොස් තිබෙනවා. මේ නිසා උතුරේ සිටින විග්නේස්වරන් වගේ ජාතිවාදින් සහ දකුණේ සිටින වීරවංශ වැනි ජාතිවාදින් මුල්ලකට කොටුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගිනි තියන කොටස ගිනි කොන කියා හැදින්විය යුතුයි. බොරුවට කෑ ගහන ජාතිවාදීන් එකට බැදල මුහුදට විසි කරන්න ඕනෙ. ඉදිරියේදී රටට අවශ්‍ය හොඳ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න හැකිවෙයි කියා අප සිතනවා.

මංගල සමරවීර ඇමැතිතුමාගේ මංගල අය වැය පිළිබඳ රටේ ලොකු උනන්දුවක් තිබෙනවා. මෙම අයවැය රටට ජනතාවට සහන පිරුනු 2018 වසර හොදට ගත කරන්න පුලුවන් රට නිවැරදි සංවර්ධන දිසාවකට රට යොමු කරන අයවැයක් වෙයි කියා අප සිතනවා. මේ අතර අපට නය ගෙවන්නත් සිදුවී තිබෙනවා. මේ දින වල තෙල් අර්බුධයක් තිබෙනවා. පෙට්‍රල් ගැටලුවක් තිබෙනවා. අපේ රටේ දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්රික් ටොන් 2300ක් 2500ක් විතර වෙනවා. අපේ පිරිපහදුවේ නිපදවන්නෙ මෙට්රික් ටොන් 550ත් 550ක් පමණයි.

පසුගිය පාලන සමයේදී තෙල් පිරිපහසු කර ගැනීමට අවශ්‍ය වැඩ සටහන සම්පූර්ණ කළේ නැහැ. එයට රාජපක්ෂ පාලනය මුල් තැනත් දුන්නෙ නැහැ.සිදු කළේ අනවශ්‍ය තැන්වලත් සංවර්ධන කටයුතු සිදු කිරීමයි. තෙල් පිරිපහදු කිරීමේ කටයුත්ත සම්පූර්ණ කිරිමට ඩොලර් බිලියන 2. 5ක පමණ මුදලක් අවශ්‍යයි. වත්මන් ආණ්ඩුව ඒ සඳහා යම් යම් කටයුතු සිදුකරමින් තිබෙනවා. වත්මනෙහි තෙල් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුවත් සමඟ එම කටයුතු වේගවත් කළ යුතු බව අපේ හැගීමයි.

අපට තෙල් මෙට්රික් ටොන් අනූදහසක් පමණ ගබඩාකිරීමට පහසුකම් තිබෙනවා. එවිට තෙල් තොග දින 45-50කට ප්‍රමාණවත්.මෙවැනි පහසුකම් තිබියදීත් තෙල් ‍තොග අවසන් වන තෙක් අපේ නිළධාරීන් , බළධාරීන් කුමක්ද සිදුකළේ කියන ගැටලුව අපට තිබෙනවා. තෙල් රැගෙන පැමිණි නැවක් ප්‍රමිතියෙන් තොරයි කියා ආපසු හරවා යැව්වා. පෙර සඳහන් කළ පරිදී තෙල් ගබඩා කර තිබුණේ නම් එක නැවක් හරවා යැව්වා කියා රටේ තෙල් අර්බුධයක් ඇති වෙන්න බැහැ. නැව් කීපයක්හරවා යැව්වත් තෙල් අර්බුධයක් ඇති වෙන්න බැහැ. එම නිසයි අප කියන්නෙ අදාළ සිදුවීම සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බව. නිළධාරීන් එය නිසි ලෙස කළමණාකරනය නොකලේ ඇයිද කියන ගැටලුව අපට තිබෙනවා. මෙය කඩාකප්පල්කාරී කටයුත්තක්ද කියන සැකයක් ඇති වෙනවා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ගබඩාවල තෙල් තිබෙනවාද කියා සොයා බලන්න බැහැ.

දවස් දහයක් වැනි කාලයකදි තෙල් ගෙන ඒමට හැකියාව තිබෙනවා. ඉන්දියාවෙන් රැගෙන එනවා නම් දින හතකින් රැගෙන එන්න පුලුවන්. මෙම තෙල් අර්බුධයත් සමඟ සතුටුවිය හැකි කාරණයක්ද තිබෙනවා. රාජපක්ෂ පාලන කාලයේදී බාල තෙල් ගෙන්වා විවිධ ගැටලු ඇතිවුණා. වාහන වල ඇන්ජින් හිරවුණා. නමුත් තෙල් අර්බුධයක් පවතිද්දිත් මෙම රජය පැමිණි බාල තෙල් නැව ප්‍රතික්ෂේප කළා. එය වටිනා කාර්යයක්. රජයක් ලෙස අප මේ අර්බුධයට වග කියන්න ඕනෙ අර්ජුන රණතුංග ඇමැතිවරයාත් ඒ සම්බන්ධව ප්‍රකාශ කළා.
« PREV
NEXT »