BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 22, 2017

හම්බන්තොට ක්‍රීඩා ගිණුමේ කෝටි 90ට වූ දේ සොයන්න

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල හම්බන්තොට පැවැත්විම සදහා පසුගිය රජය සමයේ ආරම්භ කළ බැංකු ගිණුමේ රුපියල් මිලියන 900ක මුදලක් අවභාවිත කර ඇත්ද සහ එම මුදල් ලබාගත්තේ කව්රුන්ද යන්න පිළිබදව සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) පැවසීය.

එම ගිණුමේ රාජ්‍ය මුදල් රුපියල් රුපියල් මිලියන 200ක (190387249.05) මුදලක් හා වෙනත් ආයතන මගින් මිලියන 700 ක (708618872.54ක්) මුදලක් තැන්පත් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා එම මුදල් කව්රුන් විසින් ගත්තේද, පරිහරණය කළේද යන්න සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවත් පැවසිය.

සී .ඩබ්ලිව්. ජී. හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආරම්භ කර ඇති මෙම ගිණුමට පර්පෙචුවල් අසෙට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින්ද මුදල් තැන්පත් කර ඇති බවත් ඇමතිවරයා සදහන් කළේය.

රාජ්‍ය මුදල්ද රජයට සම්බන්ධ වෙනත් අමාත්‍යාංශ ආයතන, ජනාධිපති අරමුදල, මණ්ඩල, දෙපාර්තමේන්තුවල මුදල් තැන්පත් කර ආරම්භ කළ ගිණුමට විවිධ ආයතන වලින් වරින් වර මුදල් තැන්පත් කර ඇති බවද ඇමතිවරයා සදහන් කළේය. මෙම ගිණුමේ මුදල් වලින් 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙල පැවැත්වීම කෙසේ වෙතත් විශාල මුදල් නාස්තියක් සිදු කර ඇති බව පැහැදිලි වන බවත් කබීර් හෂීම් මහතා සදහන් කළේය.

හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සෙන්ට් කීට් දූපතේ ලොකු සවාරියක් පැවැත්විමට මෙම මුදල් භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසූ කබිර් හෂීම් මහතා එම අවස්ථාවට නළු නිළියන් ඇතුළු කාන්තාවන් සියයකට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

2010 -2011 ආරම්භ කළ මෙම ගිණුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරුන් ලෙස ආචාර්ය නාලක ගොඩහේවා , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ, උදය රන්ජිත්, නලින් ආටිගල, රාණි ජයමහ, ප්‍රියන්ත රත්නායක යන පිරිස කටයුතු කර ඇති බවත් පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල 2018 දී මෙරට පැවැත්වීමට ලන්සු තැබීම සදහා සෙන්කිට් දූපතේ පැවැත්වූ සාදයට අමතරව වැඩි තොරතුරක් අනාවරණය නොවූ බැවින් මේ පිළිබදව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බවත් පැවසිය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් මෙරටට ලබාගැනීම වැනි කටයුත්තක් රාජ්‍ය මට්ටමින් සංවිධානය කර ක්‍රීඩා අමාත්‍යාංශය ඊට දායකත්වය සැපයිම කළ යුතුව තිබුණද පැවැති රජය සි ඩබ්ලිව් ජි හම්බන්තොට ප්‍රයිවට් ලිමිටඩ් නමින් පුද්ගලික ගිණුමක් ආරම්භ කිරීමත් ඊට රජයේ මුදල් දැමීමත් විශේෂයෙන් සලකා බැලිය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

කාන්තාවෝ දෙසීයක් විතර පිරිවරාගෙන ගිය සෙන්කිට් චාරිකාවට කොපමණ මුදලක් වැය කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා මෙහිදි ප්‍රශ්න කළේය.

ගිණුමේ තොරතුරු අනුව අනාවරණය කරගත හැක්කේ එයට මුදල් දැමුවේ කව්ද යන්න පිළිබදව පමණක් බවත් නම සදහන් නොකළ මුදල් තැන්පත් කරුවන් පවා සිටින බැවින් සැඟවුණු තොරතුරු විශේෂ කොමිසමක් පත් කිරිමෙන් සොයාගත හැකි බවත් පැවසීය.
« PREV
NEXT »