BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 04, 2017

විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි

සිරස මාෆියා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු යැයි කියන පුද්ගලයකු මෙරට අධිවේගී විදුලි දුම්රිය නිපදවන කම්හලක් ඇරඹීමට කැමැත්තෙන් සිටින විදේශීය ආයෝජක සමාගමෙන් එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා මඟින් අනුමත කරවා දිය හැකි බව පවසා ඒ වෙනුවෙන් මහරාජා සමාගම හා ගිවිසුමකට එළඹිය යුතු බව පවසා ඇතැයි එම සමාගමේ ආරංචි මාර්ග පවසයි..


මෙම ව්‍යාපෘතිය අනුමත කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින් හා ඇමැතිවරු කිහිප දෙනෙකු කප්පන් ඉල්ලා සිටීම නිසා වසරක පමණ කාලයක් මුලුල්ලේ මෙම ව්‍යාපෘතිය අනුමත කරවා ගැනීමට නොහැකිව තිබිණි. ඒ සම්බන්ධයෙන් එම සමාගම පුවත්පත් නිවේදනයක් පසුගියදා නිකුත් කොට තිබිණි..ඒ අනුව සිරස මාෆියා කණ්ඩායමක් මෙරට සිටින දේශීය නියොජිතයන් හමුවී අදාල සාකච්ඡාව සිදු කර ඇත. ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රය පවා නිසි අවසරයකින් තොරව වීඩියො ගත කිරීමද සිදු කර තිබේ.

සිරස මාෆියාව යනු මෙරට කප්පන් ගැනීමේ ජඩමාධ්‍ය කලාවේ ප්‍රමුඛයකු වන අතර ඊට දැවැන්තම උදාහරණය පෙන්වා දෙන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි..ඒ සම්බන්ධයෙන් පරිසර වේදීන්ගේ විරෝධය මතුවන විට සිරස මාෆියාව ද සිදු කරනු ලැබූවේ එම විරෝධය තවතවත් තිව්‍ර කරමින් ජනමතයක් ගොඩ නැගීමය. පසුව වරාය නගරය සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු කරන ආයතනයට තර්ජනය කරමින් එම ප්‍රචාරක කටයුතු සිරස මාෆියාව වෙත ලබා ගත්තේ මිලියන සිය ගනනක ලාබයක් ආයතනයට ලබා ගැනිමිනි. ඒ අනුව රට පුරා ගඩොල් කැටයක් ප්‍රදර්ශනය කරමින් වරාය නගරය මෙරට සංවර්ධනයේ සලකුණක් බව කීවේ කිසිදු හිරිකිතයකින් තොරවය. වරාය නගර විරෝධියකුව සිටි ජනාධිපති සිරිසේනද අවසානයේ සිරස මාෆියාවේ ගොදුරක් බවට පත් වෙමින් මේ ගඩොල් කැටය සිඹ ගනිමින් කළ පිස්සුව තවම කිසිවකුට අමතකව නැත. මේ වන විට ජනාධිපතිවරයා සිරස මාෆියාවේ රූකඩයක් බවට පත්ව ඇති බව කිසිවකුට රහසක්ද නොවේ.

මෙරට ජාරාජීර්ණම මාධ්‍ය භාවිතය පෙන්වා දෙමින් සිටින සිරස මාෆියාව මෙරට දේශපාලකයන් ‍රැසක්ද මිලයට ගනිමින් දේශපාලන ක්ෂෙත්‍රයේ ආධිපත්‍යය පිහි‍ටුවමින් තිබේ..එළඹෙන 2020 මහ මැතිවරණයට ශ්‍රීලනීප එජාප හා ජවිපෙ මඟින් සිරස මාෆියාව අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද මේ වන විට සැලසුම් සකස් කර තිබේ. මේ වන විට 30 දෙනෙකුට ආසන්න අපෙක්ෂකයන් ප්‍රමාණයක්ද ඒ වෙනුවෙන් සූදානම් කරමින් තිබේ. එජාපයෙන් එම අවස්ථාව නොලැබුණ හොත් වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කර විශාල අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙ සැලසුමක්ද තිබෙන බව මාෆියා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙරටට පැමිණෙන ආයෝජකයන් බිය ගන්වා කප්පන් ඉල්ලීමේ තැනට සිරස මාෆියා ප්‍රධානින් කටයුතු කිරීම විශාල අනතුරක් බව පැහැදිලිය. රටේ සංවර්ධනය තීරණය කළ යුත්තේ ආණ්ඩුව විසින් වූවත් ඒ සියල්ල එක් කූට මාෆියා ව්‍යාපාරිකයකුට තීරණය කරන්න හැකි වෙන තැනට පත්ව තිබීම වත්මන් ආණ්ඩුවට පමණක් නොව ඉදිරියේදී බලයට පැමිණෙන කවර ආණ්ඩුවකට වූව තර්ජනයකි. ඒ මේ මොහොතේම වැලැක්වීමට ආණ්ඩුව සමත් නොවේ නම් මේ රටට මහරාජාගේම පිහිටය.

රට සංවර්ධන කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින යහපාලන ආණ්ඩුවට අවංක හැඟීමක් තිබේ නම්..පළමුව කළ යුත්තේ ඊට හරස් වන තක්කඩි නිලධාරීන්ගෙන් හා දේශපාලන බලවතුන්ගෙන් රට නිදහස් කර ගැනීමය. දෙවනුව ආයෝජකයන්ගේ පහසුව වෙනුවෙන් පවතින ජරාජීර්ණ ක්‍රමවේදයන් වහා වෙනස් කිරීමය. මේ වෙනුවෙන් යෝජනා වූ, සංවර්ධන පනත නමින් අගමැතිවරයා ගෙන ඒමට අදහස් කළ නව නීතිය වහා ස්ථාපිත කර සංවර්ධනය සඳහා විනිවිධ භාවයෙන් යුතු යාන්ත්‍රණය කඩිනමින් පිහි‍ටු විය යුතුය. ඊට පසුව සංවර්ධනයට වින කටින ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා තක්කඩි මජර මාධ්‍ය මාෆියාව මට්‍ටු කිරීම සිදු කළ හැකිය.ඊට කිසිවකුගෙන් විරෝධයක් මතු නොවනු ඇත.

ඒ අනුව මේ සෘජු විදේශීය ආයොජනවලින් නිසි ප්‍රයෝජනය ගැනීමට රටට හැකි වුවහොත් මේ රට ආසියාවේ සංවර්ධනයෙ කේන්ද්‍රස්ථානයක් වීම කිසිවකුට වැලැක්විය හැකි නොවේ.
« PREV
NEXT »