BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 28, 2017

'මෛත්‍රී සමග හවුලකට අපි විරුද්දයි' - ජනක බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය එකට එක්වීමට තමන් විරුද්ධ යැයි හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.
තමන් පක්ෂයේ ආසන සංවිධායක කමින් බල්ලෙක් එලවන ආකාරයෙන් එලවා ඇති බවත් එවැනි තත්ත්වයක් මත එකට එක්වී කටයුතු කල නොහැකි බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
නාඋල දි පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රීක් අපේක්ෂකයින් තොරාගැනීම සදහා පැවති සම්මුඛ පරික්ෂණයට එක්වෙමින් ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පලකළේය.

එහි වැඩිදුරටත් අදහස් දැක්වු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ ද කීය.
‘දැන් බලන්න මං වෙනුවට සංවිධායකයෝ තුන් දෙනෙක් දලා ඒකෙන්ම පේනවා මගේ හැකියාව. අද තුන්දෙනෙක් කරන ක්‍රියාවලිය මම තනියම ඉටුකලා.
පත්කරපු අය ගැන මම කණගාටු වෙන්නේ නැ. වෛර කරන්නේ නෑ. අපි දේශපාලන අත්දැකීම් තියෙන මිනිස්සු.
ඇත්තම කියනවා නම් මේ රටේ මිනිස්සු වෙනසක් බලාපොරෙත්තු වෙනවා. දැන් තියෙන වෙනස මේ රටේ මිනිස්සු අගේට විදිනවා. ඒක කුස්සියට ගියාම හොදට තෙරෙනවා.
අද අපිට උනත් හරිම අමාරුයි ජීවත් වෙන්න.කෑම වේලක් දුන්නත්, තේ එකක් දුන්නත් අද වෙනම ගනන් හදන්න වෙලා තියෙනවා.
ඉතින් මේ වෙනස සැපයි ද කියලා තමයි අහන්න තියෙන්නේ.
අවංකවම කියනවා නම් අපි තමයි හොදම ශ්‍රී ලංකා කාරයෝ එහෙම අය ඉන්නේ අපි එක්ක.
මහින්ද මහත්තයාගේ තාත්තයි අපේ අප්පච්චියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැලවුම් කරුවෝ වෙලා හිටියේ එතකොට ඒ අයගේ දරුවන්ගෙන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි, චමල් මහත්තයයි මමයි විතරයි.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම පුරුක්. අපිව එලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැන ප්‍රකාශ දෙන්නේ කවුද එක්සත් ජාතික පක්ෂයේ ඉදලා ඊයේ පෙරේදා ඇවිල්ලා මැති ඇමතිකම් අරන් වරප්‍රසාද බුක්ති විදිමින් කහින කට්ටිය.
මාතලේ දිස්ත්‍රීක්කේ අපි විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහනය කරනවා.
අපි අනිවාර්යයෙන්ම නව රජයක් පිහිටුවනවා. අර ගමේ කතාවක් තියෙන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා.
අපි මේ රැවටිච්ච ජනතාව එකතු කරගෙන නව රජයක් පිහිටුවනවා.’ යැයිද පැවසීය.
« PREV
NEXT »