BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 05, 2017

මෛත්‍රී රනිල් මහින්ද වෙන වෙනම එන ලකුණු ?

ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තුන්කොන් සටනක්‌ බවට පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂය තවත් පක්‍ෂ කිහිපයක්‌ සමග අලියා ලකුණ යටතේ තරග කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එක්‌සත් ජනතා නිදස්‌ සන්ධානය යටතේ තවත් පක්‍ෂ කිහිපයක්‌ සමග එකතුව තරග කිරීමට පසුගියදා තීරණය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය තවත් පක්‍ෂ කිහිපයක්‌ සමග එක්‌ව පොදු සන්ධානයකින් තරග කිරිමට මේ වනවිට තීරණය කර තිබේ. 

මේ නිසා ප්‍රධාන බලවේග තුනක්‌ ලෙස මෙම පක්‍ෂ අතර තියුණු තරගයක්‌ පළාත් පාලන මැතිවරණයේදී ඇතිවනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ආණ්‌ඩුව නියෝaජන කරන එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තනි ලකුණක්‌ යටතේ තරග කළ යුතු බවට ආණ්‌ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනකුගේ මතය වී ඇති අතර මේ පිළිබඳව ඔවුන් සාකච්ඡා කරමින් සිටී.

එහෙත් ශ්‍රී ලනිපයේ බහුතරයකගේ මතය වී ඇත්තේ එජාපය සමග එකතු නොවී එජනිස තනිව තරග කළ යුතු බවයි.

රනිල් ධර්මසේන
« PREV
NEXT »