BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 07, 2017

මංගලගේ මංගල අයවැය දේදුනු අනන්තයේදී සැකසෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 වර්ෂය සඳහා වන අය-වැය වාර්තාව සිය නිවස වන 'දේදුනු අනන්තය' හෙවත් Rainbows endසිට සකස් කරමින් සිටියි.

පානදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිතව දර්ශනීය භූමියක පිහිටා ඇති මුදල් අමාත්‍යවරයාගේ නිවසේ සාමාන්‍යයෙන් පවතින නිහඬ බව බිඳිමින් මේ දිනවල උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන අතර, මංගල ඇමතිවරයා තමන්ගේ මංගල අයවැය ප්‍රතිපත්තිමය අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තාවෙයි.

අයවැය යනු බඩු මිල අඩු කිරීම සහ බදු පැනවීම පමණක් යැයි සමාජයේ ඇති සංකල්පය වෙනස් කර, රටක් වශයෙන් නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියකින් ඉදිරියට යෑමට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයේදී සකස් වනු ඇතැයි විශ්වාස කෙරේ.

සමාජ සාධාරණත්වයට මුල්තැන දීම, සැමට සම අවස්ථාව උදාකරදීම, සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම මෙහිදී මූලික අරමුණු වී ඇතැයි පැවසේ. උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබෙන පිරිස අමතක නොකර ඔවුන්ට ධෛර්යයක් වීමේ නවමු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමටද බොහෝ දුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව අතීතයේ පැවති ආකාරයට කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලමද මෙවර අයවැයෙන් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නීල හරිත ආර්ථිකයක් ලෙසින් ගොඩබිම සහ මුහුද යන අංශ දෙකම සංවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම අයවැයේ ප්‍රධාන ඉලක්කයක් ලෙස සැලකේ.
« PREV
NEXT »