BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 29, 2017

ගෝඨා නීතියට මුවා වෙයි - අද අධිකරනයෙන් ලැබුණු විශේෂ තීන්දුව මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ යටතේ නීතිමය පියවර ගැනීම ලබන දෙසැම්බර් 6 දක්වා වලක්වමින් අද අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව කටයුතු කිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියානාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. කේ. ඩී.දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම සලකා බැලුණි.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කොට තිබු නීතිපතිවරයා හා පොලිස්පතිවරයා ඇතුලු වග උත්තරකරුවන්ට මෙහෙදී නොතිසි නිකුත් කර තිබේ.

ඩී. ඒ රාජපක්ෂ පදනම විසින් ඉඩම් සංවර්ධනය කිරීමේ හා ගොඩකිරීමේ මණ්ඩලය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකළ නමුත් එහි ඉදිකිරීම් සඳහා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ අධිකරණයට කරුණු දක්වා ඇති බවත්, පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබේ.

ඒ සඳහා වැය වූ මුදල් පොදු දේපොළ පනත යටතේ ගැනෙණ මුදල් බව සහතික කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් අධිකරණයට පෙන්වාදී තිබු පෙත්සම් කරු එකි සහතිකය අවලංගු කරන මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
« PREV
NEXT »