BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 04, 2017

සමහරු ගෙනා යෝජනාවලට කැමැති වුණා නම් මං අදත් පාර්ලිමේන්තුවේ - මහින්ද දිනවන සටනේ මං හෙට සිට යලි වැඩ

“සංවිධානාත්මක පිරිසක්‌ මාව දේශපාලනයෙන් අතුගාලා දාන්න හදනවා. ඒත් මාව වට්‌ටන්න කාටවත් බැහැ. හෙට ඉඳලා මම මගේ මැතිවරණ සටන නැවත ආරම්භ කරනවා. මහින්ද මහත්තයත් එක්‌ක හෙටම දේශපාලනය කරනවා. බෙන්තර ඇල්පිටියෙ ගමක්‌ ගමක්‌ ගානේ රැස්‌වීම් තියලා මම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා” යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


ද්විත්ව පුරවැසියකු වීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු ඇගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

මේ නඩු තීන්දුවෙන් මම සැලෙන්නේ නැහැ. මම දැන් නිදහස්‌. හෙට ඉඳලා මට නිදහසේ මගේ දේශපාලන ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් යෑයි ද කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.

මම මේ දේශපාලනයට ඇවිත් ස්‌විට්‌සර්ලන්තයේ පුරවැසිභාවයත් අහිමි කරගත්තා. මට ඒ දේවල් ලොකු නැහැ.

මම දන්නව බෙන්තර ඇල්පිටියෙ ජනතාව තවමත් මා එක්‌ක ඉන්නවා කියලා. ඡන්ද හැටපන්දාහක්‌ අරන් මම පාර්ලිමේන්තු ගියේ. එහෙම නැතුව කාගෙවත් පස්‌සෙන් ගිහින් මම පාර්ලිමේන්තු ගියේ නැහැ.

දේශපාලනය කරන්න ගිහින් මම මගේ දේපළ වස්‌තුව නැතිකර ගත්තා. මම ජනතාව වෙනුවෙන් මගේ සල්ලි වියදම් කළා. ඒ බව බෙන්තර ඇල්පිටියෙ ජනතාව දන්නවා.

මට මගේ අවංකභාවය පෙන්වන්න ගිහින් නීතිය ඉදිරියේ අසරණ වුණා. මට සිද්ධවෙච්ච දේ ගැන යූ එන් පී මැති ඇමැතිවරුන් පවා කනගාටුවෙන් කතා කළා.

සමහරු ගෙනාව යෝජනාවලට මම කැමැති වුණා නම් මම තාමත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ඒත් මම මගේ දේශපාලනය පාවා දුන්නෙ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිනවන්න මට දිගටම දේශපාලනය කරනවා.

දකුණු පළාතම නියෝජනය කරපු මන්ත්‍රීවරිය මමයි. හෙට ඉඳලා දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක්‌ නැහැ.

වෙච්ච දේ ගැන කනගාටුයි. ඒත් මම අලුත් ජීවයකින් නැගිටිනවා යෑයි ද ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
« PREV
NEXT »