BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 03, 2017

ඒකාබද්ධයේ කොන්දේසිවලට රජය එකඟයි

ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධින ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයක් සහ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂය ලිඛිතව ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළු බොහෝ කරුණුවලට එකඟත්වය පළ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒකිය රාජ්‍ය සම්බුද්ධ ශාසනය හා රටේ පැවැත්ම අනතුරට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙස මහානායක හිමිවරුන් කර ඇති ප්‍රකාශනය සමඟ එකඟ වන බවට ඒකාබද්ධ විපක්ෂය තබා ඇති සටහනට ද පූර්ණ එකඟත්වය පළ කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මෙම ලිඛිත කරුණු දක්වා ඇත්තේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මහත්වරුන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවට ඉදිරිපත් කළ යෝජනා බොහෝමයක් පිළි ගැනීමට රජය එකඟත්වයට පැමිණ තිබේ. ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති ජන්ද ක්‍රමය සහ විධායක ජනාධිපති ධූරය යන විෂයන් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට රජය අපේක්ෂා කරයි.
« PREV
NEXT »