BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

ශ්‍රීලනිපය - ඒකාබද්ධ දීගයට දින නියමවන ලකුණු ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අනිද්දා (28) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.



එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ ගැටළු පවතින බව අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවට පිළිගත හැකි එකඟතාවකට එළඹෙන්නේ නම් ඉදිරි ඡන්ද විමසීම්වලදී එක්ව තරඟ කිරීම පිළිබඳ සළකා බැලිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිප ආණ්ඩුවක් 

අදාළ සාකච්ඡා සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගිවූ අතර ඒකාබද්ධ විපක්ෂය පාර්ශවය නියෝජනය කරමින් පාලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී.රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි එක්ව සිටියේය.

මේ අතර ගාල්ල - රත්ගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් ආණ්ඩුවක් පිහිටුවීම සියලූදෙනාගේ අපේක්ෂාව බවයි.

එජාපයත් එකට එක :

කෙසේවුවද එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ, මහ ආණ්ඩුව රනිල් සමගත් පුංචි ආණ්ඩු මහින්ද සමගත් කරගෙන යාමට ශ්‍රීලනිපයට අදහසක් ඇත්තේ නම් කිසිසේත් ම ඊට ඉඩදිය නොහැකි බවයි.

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් සෑම සදහා මේ වන විට සියළු සාකච්චා කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග වදින්න අදහසක් ඇත්තේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දන්වා සිටී.

« PREV
NEXT »