BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 04, 2017

එ ජා ප රත්ගම ආසන සංවිධායක දූරය මන්ත්‍රී සංජීව් කරුණාතිලකට

දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරේදා පත් කරන ලදී.

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ 1977 සිට ප්‍රබල අමාත්‍යංශ ගණනාවක් හෙබවූ හා එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයෙකු වශයෙන්ද කටයුතු කල ගාල්ල දිස්ත්‍රික්කයට විශාල මෙහෙයක් ඉටු කරන ලද දිවංගත රූපා කරුණාතිලක මැතිතුමාගේ පුත්‍රයාය. 

2013 දේශපාලන දිවියට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනයෙන් හා ආශීර්වාදයෙන් පා තැබූ ඔහු දැනට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් හා දකුණු පළාත් සභා මන්ත්‍රී සංසදයේ ගරු ලේකම් වශයෙන්ද කටයුතු කරයි. ඔහු ගාල්ල දිස්ත්‍රික්කය තුල මහජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ සුපිරිසිදු මහත්මයෙකි.
« PREV
NEXT »