BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

යහපාලන" අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වන්න - මංගල මෛත්‍රීට දැනුම්දෙයි

මතුවී ඇති දේශපාලන තත්වය පැහැදිලිකරගැනීම සදහා ඊයේ (26) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති මංගල සමරවීර , මලික් සමරවීක්‍රම ඇතුළු එජාප ප්‍රබලයින් පිරිසක් මහින්ද පිල සමග එකතු වන්නේනම් හවුල් ආණ්ඩුවේ අවබෝදතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වන ලෙස දැනුම්දී ඇත. 

ඒ වගේම ශ්‍රිලනිපයේ සහය නොමැතිව එජාපයට ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවද මෙහිදි එජාප නියොජිතයින් ජනාධිපතිවරයාට ප්‍රකාශකර ඇත. එබැවින් ඉදිරි පලාත් පාලන මැතිවරණයට ශ්‍රිලනිපය මහින්ද රාජපක්ෂ සමග එකතුවී තරග කරන්නේනම් ඊට ප්‍රථම යහපාලන ආණ්ඩුව ගොඩනැගීම සදහා එජාපය සමග ඇතිකරගත් අවබෝදතා ගිවිසුමෙන් ඉවත්විය යුතුබව ඔවුන් අවධාරණය කරතිබෙන වාර්තාවේ.

ආණ්ඩුව එජාපය සමග පවත්වාගෙන යන ගමන් මැතිවරණයට මහින්ද සමග එකතුවීම ජනවරමට පිටුපෑමක් වන බවත් එහෙයින් මෙම දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙසත් මංගල සමරවීර මහතා මෙහිදී ජනාධිපතිවරයාට අවදාරණය කර තිබේ. එජාපයට මන්ත්‍රී ආසන 105ක් තිබෙන බවත් තමන් සමග එකතුවීමට තව පිරිසු සිටින බවත් එබැවින් එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ඇතිබවත් මෙහිදී දැනුම්දී ඇති බවද අප වෙත වාර්තාවේ.
« PREV
NEXT »