BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 15, 2017

ජාතික තරුණසේවා සභාවේ සභාපති දූරය වෙනස් වන බවට හෝඩුවාවක් - නම් තුනක් යෝජනා වේ

ජාතික තරුණසේවා සභාවේ සභාපති දූරය ඉදිරියේදී වෙනස්වීමට ඉඩ ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ වත්මන් සභාපතිවරයාට එජාප මහරගම සංවිධායක දූරය හිමිවීමත් සමගයි. තවමත් පුරප්පාඩුවන සභාපති දූරය සදහා පත්වන්නේ කවුරුන්දැයි නිශ්චිතව හෙලීවී නොමැත.


නමුත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරන පරිදි මේ සදහා එජායේ තරුණ නායකයින් තිදෙනෙකු මේ සදහා යෝජනා වී ඇති බවයි.
ඒ අතර චමින්ද තල්ගස්වත්ත , දිනේශ් රවිචන්ද්‍රරාජා සහ තවත් තරුණ නායකයකුගේ   ( එතුමාගේ ඉල්ලීම පරිදි පුවතෙන් නම ඉවත් කරන ලදී) නම්  පක්ෂයේ උසස් තනතුරුවලින් යෝජනා වී ඇති බව සදහන්වේ. 

කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුල චමින්ද තල්ගස්වත්ත මහතාට හිතවත් පිරිස් සමාජ ජාලා තුල මේ පිළිබදව යම් හොඩුවාවක් ඉදිරිපත් කර තිබිනි.

කෙසේ වෙතත් නව සභාපති වරයා කවුරුන්දැයි තීරනය අග්‍රාමාත්‍යවරයා සතුව පවතී.
« PREV
NEXT »