BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 24, 2017

පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකිවන පරිදි ඉදිකෙරෙන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසළ සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා අයිතියට පවරා දී ඇත.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සඳහා ශ්‍රම දායකත්වය සපයා තිබේ.

පීත්ත පටිය කපා පදික මංතීරුව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ ඇතුථ පිරිසක් ද ඒ සඳහා එක් ව සිටියහ.a
« PREV
NEXT »