BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 06, 2017

ගාල්ලේ එජනිස ලැයිස්‌තුව අවලංගුවන ලකුණු?

ද්විත්ව පුරවැසි භාවය ලබා තිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවූවා නම් ඇය සමඟ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාම යෝජනා පත්‍රයම අහෝසිවිය යුතු යෑයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (05 දා) පැවැසීය.

මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගැනීමේදී එම තැනැත්තාගේ නම සහිත එම සම්පූර්ණ නාමලේඛනයම අහෝසිවිය යුතු යෑයිද ඒa මහතා කියා සිටියේ ඊයේ (05දා) විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මේ සම්බන්ධයෙන් අගතියට පත් අයකු හෝ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට විවරණයක්‌ කළයුතු යෑයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

19 වන ව්‍යවස්‌ථාවට අනුව ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින අයකුට මෙරටේ ජනාධිපති හෝ පාර්ලිමේන්තු ධුරයක්‌ හෙබවිය නොහැකිය යන්න වගන්තියට යටත්ව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අහෝසිවී ඇති බවත් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධුරය දැරූ කාලය තුළ ලබාගත් සියලු වරප්‍රසාද නැවත රජයට අයවිය යුතු බවත් සඳහන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කර ඇතැයිද ඒ මහතා කීය.

එම අභියාචනා තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කර තිබීම නිසා ඇය පාර්ලිමේන්තුවෙන් ලබාගත් වැටුප් ඇතුළු සියලු වියදම් නැවත ලබාදීමට සිදුවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලැබී නොමැති බවත් එය ලැබුණු විට ඇයගෙන් කොපමණ මුදලක්‌ අයකර ගන්නවාද යන්න මහලේකම්වරයා තීන්දු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

-චමින්ද සිල්වා
« PREV
NEXT »