BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

ශ්‍රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත් යූඑන්පී - ටීඑන්ඒ ආණ්‌ඩුවක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්‌ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්‌ව අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දෙන අතර මේ පිළිබඳ දැනටමත් රහස්‌ සාකච්ඡා ඇරැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ දිවයින ඉරිදා සංග්‍රහයට අනාවරණය විය.

එජාපයේ මෙම යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද කැමැත්ත බොහෝ දුරට ලැබෙනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නව ආණ්‌ඩුව පිහිටුවීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණට ද ආරාධනා කිරීමට එජාපය කැමැත්තෙන් පසුවන බව එකී ආරංචි මාර්ග සඳහන් කෙළේය.

ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වියයුතු බවට එජාප මන්ත්‍රීවරුන් රැසකගේ අදහස වී ඇත.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සීමා නිර්ණ ගැසට්‌ පත්‍රයට එරෙහිව නඩු පවරා ඇත්තේ ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අනුදැනුම මත යෑයි විශ්වාස කරන එජාප මන්ත්‍රීවරුන් එවන් පක්‍ෂයක්‌ සමඟ ආණ්‌ඩුවක්‌ කරගෙන යැම ඉදිරියේදී ජනතා අප්‍රසාදයට ලක්‌වීමේ හේතුවක්‌ වනු ඇතැයි ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පෙන්වා දී ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »