BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 27, 2017

බැඳුම්කර හොරුන්ට දඬුවම්දීමට කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා - බන්දුල

බැඳුම්කර වැරදිකරුවන්ට උපරිම දඬුවම්දීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහාය දක්‌වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (25 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.


බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් නගන අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට හිටගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීන්දුකර තිබෙන බවද බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන් ජනාධිපතිවරයාට මඩගසමින් විවිධ අවලාද නැගීම හෙළාදකින බවද ඒ මහතා සඳහන් කළේය.

මහදවල් සිදුවුණු බැඳුම්කර මංකොල්ලය දැන් රටට හෙළිවී හමාරයි. මෙහි ප්‍රතිවිපාක 2045 දක්‌වාම විඳින්න සිදුවෙනවා. බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න එක එක්‌කෙනාගේ තර්ජන ගර්ජනවලට යට වෙන්න එපා යෑයිද මන්ත්‍රීවරයා පැවැසීය.

ජනාධිපති කොමිසමක්‌ අවශ්‍ය බව කීවේ ඒකාබද්ධ විපක්‍ෂය බවත් අද සත්‍ය හෙළිවීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂය හත්පොළේ ගාගෙන තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ආණ්‌ඩුවේ අද ප්‍රධානතම උපාය මාර්ගික සැලසුම වී ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමයි. ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්වරයා අත්අඩංගුවට ගත්තාම බැඳුම්කර අවධානය වෙනත් තැනකට යනු ඇතැයි ඔවුන් කල්පනා කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

විධායක ජනාධිපතිවරයකුට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ඇමැතිවරුන් ඉවත් කළ හැකියි. ජනාධිපතිතුමාට කශේරුකාවක්‌ තිබේ නම් සුජීව සේනසිංහ ඇමැතිතුමා ඉවත් කරන්න පුළුවන්. අපට මතකයි එදා බණ්‌ඩාරනායක ප්‍රතිරූපයට හානිකළ නිසා මැතිනියගේ ආණ්‌ඩුව කඩා වැටුණා යෑයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
« PREV
NEXT »