BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 07, 2017

සෝල් නගරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවක්

කොරියාවේ අගනගරය වන සෝල් නගරය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව සෝල් නගරයේ නගරාධිපති Park Wonsoonමහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින සෝල් නගරයේ නගරාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කොරියානු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස (7) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

කොරියානු ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 40 වසරක් සම්පූර්ණ වන මෙම අවස්ථාව, දෙරට අතර ඉදිරි සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සුදුසුම අවස්ථාව බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කෙළේය.

එසේ නගර අතර සබඳතා ඇතිකර ගැනීමෙන් නාගරික සංවර්ධන කටයුතුවලදී දෙරට අතර දැනුම හුවමාරුකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

කොරියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන ආධාර පිළිබඳ ද මෙහිදී ජනාධිපතිවරයා කොරියානු රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Chang Won Sam මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


« PREV
NEXT »