BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළාක් මෙන් රටේ ගම් නියම්ගම් හරහා අපරාධ ලැව්ගින්නක් මෙන් පැතිරෙද්දී අපේ රටේ පොලිස්පති පූජිත් ජයසුන්දර ද කුප්‍රකට 'කැරෝකේ වසන්ත' සමඟ හෝටල් සුව විඳින ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ පසුගිය සතියේ දිනක කැරෝකේ වසන්ත නම් කුප්‍රකට ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ සමඟ පූජිත් ජයසුන්දර ගලධාරී හෝටලයේ ඉහළ ම මාලයේ (Roof top) කාලය ගත කළ ආකාරයයි.  අනෙත් ඡායාරූපයෙහි පූජිත් සහ වසන්ත සමඟ සිටින්නේ මෙම හමුව සම්බන්ධීකරණය කළ පුද්ගලයා ය. ලාල් වීරසිංහ නම් ඔහු එකල ජනප්‍රිය ටෙලි නළුවෙකි. දැන් ඔහු කැරෝකේ වසන්තගේ සැපයුම්කරුවෙකි.  



 කැරෝකේ වසන්ත යනු අහඹුවෙන් ලැබුණු වාසනාවකින් පෝසත් වූ අයෙකි. ඔහුට ඒ ධන ආකාරය ලැබෙන්නේ අකුරැස්සේ බෝම්බ ප්‍රහාරයෙන් පණ බේරාගෙන නමුත් මතකය මියැදී ජීවත්වන මහින්ද විජේසේකර හිටපු ඇමතිවරයා නිසාය. එදා එම බෝම්බ ප්‍රහාරය එල්ල වන විට මහින්ද විජේසේකර ඇමතිවරයාගේ කලු සල්ලි තිබුණේ කැරෝකේ වසන්ත ළඟය. ඒ කොපමණ ප්‍රමාණයක් ද යැයි දන්නේ ඔහුම පමණක් නමුත් මෙම කතාව ලංකාවේ ව්‍යාපාරික සහ පාතාල යන ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රසිද්ධය. 

එසේ ලැබුණු මුදල් නොයෙකුත් ආකාරයෙන් ආයෝජනය කර කැරෝකේ වසන්ත අද මේ තත්වයෙන් පසුවෙයි. පසුගිය දිනක අප අනාවරණය කළ හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා යනු කැරෝකේ වසන්තගේ මාමා කෙනෙකි. චූලානන්දගේ මිනිස් ජාවාරමට ද කැරෝකේ වසන්තගේ නෑකම් ඇත. සුප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද පසුගිය දිනක කැරෝකේ වසන්තගේ හෝටලයක සිට හසු වී තිබිණි. කැරෝකේ වසන්ත යනු තම ජාවාරම් වසා ගැනීමට අත දිග හැර දොළ පිදේනි, ස්ත්‍රී බිලි සපයන ව්‍යාපාරිකයෙකි. 

කැරෝකේ වසන්තගේ සීයා නුවර එළිය ප්‍රදේශයේ කෝවිලක හිටපු පූසාරිවරයෙකි. වසන්ත මුලින්ම හෝටල් ව්‍යාපාරය පටන් ගන්නේ සීයාගේ ඉඩම් විකුණා ලත් මුදලින් ය. එහෙත් වසන්ත යනු දැඩි කැසිනෝ සූදු අන්තුවෙකි. එම ඇබ්බැහියට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ඔහු නොයෙකුත් ආකාරයේ ඩීල් දමයි. 

මෙම ඡායාරූප ද ඔහු ඔහුගේ ෆේස්බුක් ගිනුමට පසුගිය දා එක් කර තිබිණි. ඔහු මේ හරහා ඔහුගේ ජාවාරම්කාර මිතුරන්ට පෙන්වන්නේ රටේ පොලිස්පති සිටින්නේ තමන්ගේ අල්ලේ බවය.  ඒ හරහා ඔහු කොපමණක් ඩීල් ගොඩ දාගත්තේ ද යන්න දන්නේ ඔහුමය. රටේ පොලිස්පති කා සමඟ කෑවත් බීවත් අපට ඇති රුදාවක් නැත. එහෙත් මෙවන් පුද්ගලයින් සමඟ ගැවසීමෙන් බිල්ලට හසු වන්නේ රටේ නීතියේ පාලනය ( Rule of law ) බව මෝඩ පොලිස්පතිවරයා දැන ගත යුතුය. 

එසේම මෙවන් කුප්‍රකට ඉතිහාසයක් ඇති පුද්ගලයකු සමඟ අපේ පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර සාද පවත්වන්නේ රට පුරා අපරාධ පැතිර යමින් පවතින යුගයකය. ඊයේ අම්බලන්ගොඩ බටපොළදී සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා තිබිණි. පසුගිය සතියේ කොස්ගොඩ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් මිය ගොස් තිබිණි. පාතාලයින් ඒ තාලයට පවුල් පිටින් මරමින් රට ලේ විලක් කරද්දී පොලිස්පති පූජිත් ජාවාරම්කරුවන් සමඟ සාද දමමින් සිටී. ඇත්තෙන් ම පූජිත්ලා ඇඳුම් අදින්නේ ලැජ්ජාවට නොව පුරුද්දට ය.

(LNW)
« PREV
NEXT »