BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 22, 2017

බිරිඳගේ පොලු පහරින් කෝපයට පත් සැමියා ඇගේ බෙල්ලට ගැසූ පිහි පහර වැරදී බිරියගේ ඇඟිල්ලක්‌ වෙන්වෙයි

සිය බිරිඳ එල්ල කළ පොලු පහරක්‌ නිසා කෝපයට පත් සැමියකු ඇගේ ගෙල කැපීමට එල්ල කළ පිහි පහරක්‌ වැළැක්‌වීමට ගිය අවස්‌ථාවේ බෙල්ල වෙනුවට වම් අතේ මාපටැඟිල්ල වෙන්වී ඇතැයි කියන සිද්ධියක්‌ අරණායක පොලිසියට වාර්තා වී ඇත.

අස්‌මඩල වත්තේගෙදර ප්‍රදේශයේ 29 වනදා පෙරවරුවේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලත් කේ. ආර්. ධම්මිකා කුමාරි නමැති 35 හැවිරිදි තිදරු මවක මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යවා තිබේ.

අරණායක පොලිසියට වාර්තාවී ඇති අන්දමට එම සිද්ධිය මෙසේය.

පසුගිය 27 වැනිදා වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පැවැති දැරියකගේ කොටහළු උත්සවයකට සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා උදව් කිරීම සඳහා ගොස්‌ ඇත.

ඒ වෙනුවෙන් එම නිවැසියන් විසින් පසුවදා සවස තමන්ට උදව් කළ පිරිස වෙනුවෙන් විශේෂ සාදයක්‌ පවත්වා ඇත. ඊට සහභාගිවූ සැකකරු පසුදා උදෑසන සිය නිවස වෙත පැමිණ නිදා ගැනීමට සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ බිරිඳ රණ්‌ඩුවක්‌ ඇතිකරගෙන ඔහුට පොල්ලකින් පහරදී තිබේ. මෙයින් කෝපයටපත් සැමියා කුස්‌සියට දිවගෙන ගොස්‌ එහිවූ වක්‌පිහියක්‌ ගෙනවුත් බිරිඳගේ ගෙල ප්‍රදේශයට පහරදීමට උත්සාහ කරද්දී ඇය වමත ඔසවා පිහි ප්‍රහාරය වළක්‌වා ඇතත් එය වමතේ වැදීමෙන් මාපටඟිල්ල වෙන්වී ගොස්‌ අතටද බරපතළ තුවාල සිදුවී ඇත .
« PREV
NEXT »