BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 12, 2017

ඒකාබද්ධය එක්‌කර ගන්න ශ්‍රීලනිපය දැඩි වෑයමක ?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්‌ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය එක්‌කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුම දැඩි උත්සාහයක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.මොවුන් වරින් වර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ පණිවුඩ එවමින් සාකච්ඡා කර එකඟතාවට ඒමට ආරාධනා කර තිබේ.

එක්‌ව තරග කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති හා ලේකම් තනතුරු දෙකම ඒකාබද්ධ විපක්‍ෂයට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එම පිරිසට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

එසේ නොමැතිනම් පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ එක්‌ව පිහිටුවන පොදු සංධානය සමගින් තරග කිරීමට පැමිණෙන ලෙස මන්ත්‍රීවරුන් දැනුම් දී ඇත.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය 09 දා මේ පිළිබඳව යම් යම් ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා වී ඇතැයි ද අනාවරණය වෙයි.

රනිල් ධර්මසේන
« PREV
NEXT »