Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

Healthy Tips

KELIBIMA

FACEBOOK

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්රවමරත්න මහතාට නියෝග කර ඇත.

එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.



පවතින ආපදා තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අද (30) පස්වරුවේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ආපදා කලමනාකරණ අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන්ද  ආරක්ෂක අමාත්‍යයංශයේ ලේකම් කපිල වෛද්යරරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, ඇතුළු  ‍ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.

දැනට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම , ඉදිරි දිනවලදී යළි ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳවද එම රැස්වීමේ දී සාකච්ඡා කරනු ලැබිණ.

එසේම ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තර්ජන අවම කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා  කෙරුණු අතර මේ වන විට ජල මට්ටම ඉහළයමින් පවතින නිල්වලා, ගිං, කළු ගඟ ඇතුළු ගංගාවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්වලදී හානි අවම කිරීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබිණ.

ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව ඇත.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Paid Ads

Ananmanan

GOSSIP99

BOOK MARK

VIDEO PORTAL