BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 13, 2017

ජනපති ප්‍රසිද්ධ බිම සමාගමක රෙදි ගලවපු හැටි මෙන්න


ඇන්ජෙලෝ බීලා ප්‍රබෝදමත් වෙන්න කියන මයිලෝ වලට එරෙහිව මෛත්‍රී සටන අරඹයි. 
Nestle සමාගම යනු ස්විස්ටර්ලන්තයෙ මව් ආයතනය ඇති බහු ජාතික සමාගමකි.. ඔවුන් ශ්‍රී ලංකාව තුළද සිය භාණ්ඩ ඉතා ඉහළින් ව්‍යාප්ත කර ඇත. පාරිභෝගික රුචි අරුචිකම් මත සියල්ල තේරීමක් වන නිසා අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් යමක් පැවසීමට අවැසි නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අන්දමට මයිලෝ පැකට්ටුවේ සීනි ප්‍රතිශතය 16.5%කි. එනම් සෑම මිලිලීටර 100කටම සීනි ග්‍රෑම් 16.5ක් අන්තර්ගතය. විමසා බැලීමේදි පෙනී යන්නෙ මෙය සැබෑවක් බවය.



මෛත්‍රීපාල සිරිසේන මහතාට Nestle නම් බහුජාතික බූවල්ලාව පාලනය කිරීමට නොහැකි බව ඔහු දනියි. ඔහු කරන්නෙ මහජනයා දැනුවත් කිරීමකි. ඔහු පවසන අන්දමට මෙම සීනී ප්‍රතිශතය 5% සීමාවට නොගෙනාවොත් එයට විරුද්ධව රට වටා දැනුවත් කිරීම් කිරීමට තමන් සුදානම් බව පවසා ඇත.

ජනපතිගෙන් ජනතා හිතවාදි ප්‍රකාශයක් ලෙස කලකට පසුව ඇසුනු මෙය අගය කළ යුතු ක්‍රියාවකි. දියවැඩියා රෝගය යනු ලංකාවේ තරුණ පරම්පරාව මෙන්ම මේ වනවිට අවුරුදු 15-18 වයස් වල දරුවන්වද වෙළා ගනිමින් සිටින රකුසෙකු වී තිබේ. ඇත්තම කතාව නම් ටියුශන් යන දරුවාගෙ සිට මේ කතා කරන අපද කෙටි ආහාරයක් ගෙන බීම එකක් හෝ මයිලෝ වැනි කිරි පානයක් බී වැඩ කිරීමට පුරුදුව සිටිති. ඒ වෙලාවට මෙහි සීනි කොපමණ තිබේද අරකෙ කීයද යන්න බැලීමට පාරිභෝගිකයා නොපෙළඹෙති. ( කල් ඉකුත් වීමේ දිනය නම් පුරුද්දක් ලෙස බලති)

එම නිසා මේවා නිපදවන සමාගම් යම් නියාමනයට ලක් කිරීම අත්‍යාවශ්‍යයය. එහි පියවරක් වශයෙන් “traffic light system” යනුවෙන් සීනි පාලන ක්‍රමයක් බීම වර්ගවලට දමන ලදී.. ඒ අනුව මිලිලීටර 100කට ඇති සීනි ප්‍රමාණය අනුව කොළ, තැඹිලි මිශ්‍ර කහ(Amber) සහ රතු වශයෙන් එන සීනි මාපක රවුමක් සහ අන්තර්ගත සීනි ප්‍රමාණය අනිවාර්යයෙන්ම සදහන් කිරීම දැන් ලංකාවේ නීතිමය අවශ්‍යතාවයකි.

Traffic light වලට අනුව සීනී ප්‍රමාණ වර්ගීකරණය( සියලු ගණනය කිරීම් කරන්නෙ මිලි ලීටර් 100කට ඇති සීනි ප්‍රමාණය අනුවය)
0g සිට 2g – කොළ
2g සිට 11g – තැඹිලි මිශ්‍ර කහ ( Amber)
11g ට වැඩි – රතු

ඔබට දැන් මේ සම්බන්ධයෙන් වැටහීමක් ඇති බව සිතමි. නමුත් ලංකාවේ මෙම සීනි නීතිය ක්‍රියාත්මක වන්නෙ බීම වර්ග වලට පමණක් වීම ගැටලුවකි. සියලුම පානීය ද්‍රව්‍ය වෙනුවෙන් මෙම traffic light system එක ක්‍රියාත්මක කිරීමට නොහැකි ප්‍රායෝගික ගැටලුවක් ඇත් දැයි මම නොදනිමි. ඉහත traffic light නීතිය නිසා බීම නිශ්පාදන සමාගම් සිය නිශ්පාදන වල සීනි ප්‍රතිශතය 30%කින් පමණ අඩු කරන්නට ක්‍රියා කළ බව ඒ ක්ෂ්‍රේත්‍රයේ කලක් සිටිය අයෙකු ලෙස මම පෞද්ගලිකව දනිමි.

නියාමනය තුළින් වඩා හොද පාරිභෝගික ආරක්ශනයක් ලැබෙන බව පැහැදිලිය. සීනි මට්ටම අනිවාර්යයෙන්ම භාණ්ඩයේ සදහන් කිරීම සහ traffic light code එක භාණ්ඩයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු යැයි නීතිමය තත්වයක් ගෙනාවොත් ඔය මොන බහුජාතික අයියලටත් ඒ අනුව ක්‍රියාත්මක වීමට සිදු වෙයි.

වර්තමානයේ මෙම තත්වයට මුහුණ දිය නොහැකිව traffic light system එකට අකැමැති සමාගම් වන්නේ කවුරුන්ද සහ ඔවුන් බහුජාතිකද දේශියද යන්න ඔබම සොයා බලන්න. ඔබට දැන් එය ඔබ විසින්ම කළ හැකිය.

ඉතින් ජනපතිතුමනි,
ඔබ ඇරඹූ කතිකාවත සැබවින්ම අගය කළ යුතුය. පාරිභෝගිකයාගෙ නොදැනුවත්කම දුරලා ඔවුන්ව පූර්ණ දැනුමෙන් සන්නද්ධ කළ යුතුය. එවිට සුපිරි තරු මඟින් සිය භාණ්ඩ කොතරම් අහිතකර වුවත් persuading( පොළඹවන සුලු) marketing තුළින් ජනතාව අතරට ගෙන යෑමට උත්සාහ කිරීම් වලට මිනිසුන් නොරැවටෙනු ඇත.
අනව තප්ත විල

උපුටාගැනීම අවසන්.

ජනපති ඊයේ සිදුකල එම ප්‍රකාශය පහතින්,
« PREV
NEXT »