BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 30, 2017

නිල හමුවට පෙර ජනපති මෛත්‍රී පිළිගන්න කොරියන් ජනපති ආවෙ ඇයි?

දකුණු කොරියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට අද දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්‌ථානයක්‌ වන ජොග්යේසා විහාරස්‌ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28 දා) පස්‌වරුවේ එක්‌වූ අතර සියලු දෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය.


එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක්‌ ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.

මෙම නිහතමානී සහ විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්‌තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිතුමා මෙම හෘදයාංගම මිත්‍රශීලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක්‌ බවද සඳහන් කළේය.

එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක්‌ බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගමෙන් පැමිණි නායකයන් ලෙස ජනාධිපති ධුරය දක්‌වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක්‌ බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක්‌ ඉටුකිරීමට කැපව සිටින බව සඳහන් කළේය.

එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක්‌ පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටි අතර, යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග්‍රහණයෙන් පසු ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට රටවල් දෙකම කටයුතු කරමින් සිටින බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක්‌ ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

දෙරටේ නායකයන් වෙත මෙහිදී සිය ආශීර්වාදය පළකළ ජොග්යේසා විහාරස්‌ථානයේ ප්‍රධානී පූජ්‍ය Seදක Jජදබට හිමියන් නිහතමානී නායකයන් දෙදෙනකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරාගෙන යනු ඇති බව සඳහන් කළේය.

1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්‌ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්‌ථාවක්‌ ලැබීම පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක්‌ මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, මලික්‌ සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්‌ව සිටිති.



ජනපතිවරයාට කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉහල පිළි ගැනීමක්


« PREV
NEXT »