BREAKING NEWS
latest

728x90

468x60

Friday, November 03, 2017

මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යකා නටයි

මහනුවර සියළු රාජ්‍ය නිළධාරීන් අතර මුදුනා තමන් යයි සිතාගෙන කටයුතු මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිසා ජනතාවට රාජ්‍ය සේවය එපා වන තත්වයකට පත්ව ඇත. තමන්ගේ හිතුමතේ තමන් යටතේ වන නිළධාරීන් පාලනය කිරීමට උත්සාහයක නිරතව සිටී. මේ හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් විශාල පිරිසක් ඔහුගේ නොමනා හැසිරීම පිලිබඳ තමන්ගේ ඉහල නිලධාරීන්ටද පැමිණිලි සිදුකර ඇති බවට ගොසිප්99 අප වෙත වැර්තාවේ


නමුත් කිසිඳු නීතියකට හිස නොනමන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා දිගින් දිගටම ජනතාව සහ නිලධාරීන් පීඩනයට පත්කරමින් කටයුතු කරයි. තමන්ගේ හිතුමතේ, තමන්ට අවශ්‍ය පරිදි ඡන්ද ලේඛණවලට නම් ඇතුලත් කිරීම, කපා දැමීම වැනි ඔහුගේ ක්‍රියා හේතුවෙන් විශාල පිරිසකට ඡන්ද අයිතිය  අහිමි වීමේ තත්වයක්ද මතුව තිබේ. රාජ්‍ය නිළධාරීයෙකු ලෙස තමන් සතු බලතල නිසි අයුරින් පාවිච්චි කරන නිලධාරියෙකුගෙන් සිදුවන්නේ ජනතා සේවයක් වුවත් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් විසින් සිදුකරන්නේ ජනතාවත්, සෙසු නිලධාරීනුත් පීඩනයකට පත් කිරීම පමණි. පුරවැසියෙකුගේ මූලික අයිතියක් වන ඡන්ද අයිතිය තහවුරු කරගැනීම සඳහා මැදිහත්වන ප්‍රධානතම නිලධාරියා මෙලෙස හැසිරෙද්දී ජනතාවගේ ඡන්ද අයිතියට සිදුන්නේ කුමක්ද? 

යම් කිසි අවශ්‍යතාවයකට තමන් හමුවට එන සාමාන්‍ය ජනතාවගේ ඇඟට කඩාපනිමින් නිල බලය පෙන්වන්නටත් සෙසු නිලධාරීන්හට නිලධාරියෙකුට කිසිසේත් නොගැලපෙන පරිදි ප්‍රකෝපකාරී හැසිරීමත් නිසා හෑල්ලූවට ලක් වන්නේ සමස්ථ රාජ්‍ය සේවයේම සිටින නිළධාරීන්ය.

« PREV
NEXT »