BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 12, 2017

අමතර බස්රථ 1750ක් ධාවනයේ - සිසුන්ටත් දුම්රිය වාර ප්‍රවේශ වලංගුයි

දුම්රිය වර්ජනය නිසා අපහසුතාවයට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අමතර බස්රථ 1750 ක් යොදවා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසිය. පාසැල් නිවාඩුව හේතුවෙන් පාසැල් සේවා සඳහා බස්රථ 750 ක් දුරගමන් සේවා සඳහාද, සුඛෝපභෝගි බස්රථ 60 ක් ද, මේවන විට යොදවා ඇති බවද, ඇමැතිවරයා කිය. මෙම බස්රථවල දුම්රිය ගමන් වාර ප්‍රවේශපත්‍ර තිබෙන අයට කලින් ආසන වෙන්කරවා ගත් මගී ජනතාව කිසිදු ගාස්තුවකින් තොරව ගමන් පහසුකම් ලබාගැනිමට අවසර ලබාදි ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා කිය.


මේ පිළිබඳ විශේෂ චක්‍රලේඛනයක් සියළුම ඩිපෝ අධිකාරිවරුන්ට යවා ඇති අතර මෙ වාර ප්‍රවේශපත්‍රවලින් ගමන් පහසුකම් ලබාදිමට මැලි වන ඕනෑම කොන්දොස්තරවරයකුට විරුද්ධව විනයානු කූලව ක්‍රියා කරන බවද සභාපතිවරයා කීය.

ලංගම සාමාන්‍යයෙන් දෛනිකව ධාවනයට යොදවන්නේ බස් රථ 5700 ක් පමණි

දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාවට මුහුණදිමට සිදුවී තිබෙන ගමනා ගමන අපහසුතාවය නැති කිරීම සඳහා ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය ප්‍රවාහන පහසුකම් සැපයීමේ දීපව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබු අතර ඒ යටතේ මෙම බස් සේවා අරඹනු ලැබිය.

මේ අතරඅද ( 12 ) පැවැත්වෙන අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට තම දුම්රිය වාරප්‍රවේශ පත්‍රය පෙන්වා පුද්ගලික බස් රථවලි න් ගමන් කළ හැකි බව ජාතික ගමනා ගමන කොමිසම මගින් සියලුම පුද්ගලික බස්රථ ධාවකයින්ට දන්වා තිබේ. අද දහවල් 12 ට පෙර සේවා කටයුතුවලට වාර්තා කරන ලෙසඇමැතිවරයා වර්ජනයේ යෙදි සිටින සියලුම වෘත්තිය සමිති වලට දන්වා තිබිණි.
« PREV
NEXT »