BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 05, 2017

දැයට කිරුළෙන් වෙන් කල මිලියන 250 අතුරුදහන්

පසුගිය පාලන සමයේදී අම්පාරේ පැවති ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා යැයි පවසමින් එවකට බලයේ සිටි පුද්ගලයින් ලබා ගත් රු. මිලියන 250ක මුදලට වූ දෙයක් නැතැයි ඇමති දයා ගමගේ කියා සිටී.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති අම්පාර නව බස් නැවතුම්පොල විවෘත කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව අමතමින් ඇමතිවරයා ඒ බව පැවසීය.

එමෙන්ම, එවකට තමා සභාපතිත්වයට දැරූ දයා සමූහ ව්‍යාපාරයට නීත්‍යානුකූලව ලැබුණු රු. මිලියන 110ක කොන්ත‍්‍රාත් ව්‍යාපෘතියක් අවලංගු කොට පැවති රජයේ හිතවතුන් දෙදෙනෙකුට ලබා දුන්නද, රු. මිලියන 100කට අධික වියදමක් දරා සම්පූර්ණ කළේ ව්‍යාපෘතියෙන් කොටසක් පමණක් බව හෙතෙම පැවසීය

එවැනි ජනතා මුදල් වංචා හා නාස්ති කිරීම්වල බර වත්මන් ආණ්ඩුව මත පැටවී ඇති බව පෙන්වා දුන් ඔහු, බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා තමන්ට මුදල් සපයා ගැනීමට අසීරුව පැවති බව කීය.

ලෝක බැංකු ව්‍යාපෘතියකින් ඉතිරිව තිබූ මුදලක් පිළිබඳව දැන ගැනීමෙන් පසුව, ඔ්ස්ටේ‍ලියානු තානාපතිවරයා අම්පාරට පැමිණි අවස්ථාවකදී තමා කළ ඉල්ලීමක් මත එම මුදල නැවතුම්පොල ඉදි කිරීම සඳහා ලබා ගැනීමට හැකි වූයේ ඇමති ෆයිසර් මුස්තාෆා සහ ඔහුගේ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ද සහායෙන් බව ඔහු හෙළි කළේය.

ඉන් පසුව ද පැන නැගි බාධා මධ්‍යයේ තම අරමුණ ඉටු කරගත් බව ගමගේ මහතා කීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඇගලුම් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩමක් ඉල්ලූ විට තමන්ට ලැබුණු මඩ වගුරක් සංවර්ධනය කොට කම්හල ඉදි කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් බිහි කළ බවයි.

අම්පාරේ දරුවන් නොදන්නා ප‍්‍රදේශයේ ඉතිහාසය ඔවුන්ට කියා දීමට කෞතුකාගාරයක අවශ්‍යතාව පැන නැගුනු නිසා එය ඉදි කිරීමට මෙම අවස්ථාවේදී ඊට මුල්ගල තැබූ බව ද ඇමතිවරයා කීය.

එම කාර්යය මෙන්ම, අම්පාර සති පොල වැඩිදියුණු කිරීම හා අඹ, බිම්මල් හා කුරුඳු වැනි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොලක් විවෘත කිරීම ද ලබන වසර අවසන් වන විට සම්පූර්ණ කරන බව ඇමතිවරයා පවසා සිටියේය.

– ජෝර්ජ් ද සිල්වා
« PREV
NEXT »