BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

40 වසරක් පිරීම නිමිත්තෙන් කුඩා තේවතු සංවර්ධන කාර්යය මණ්ඩලයට සම්මාන

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්යය මණ්ඩලයට සම්මාන පිරිනැමේ. තේ කර්මාන්තයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්න කුඩා තේවතු සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් එම අධිකාරියේ කාර්යය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල KIU විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ . සම්මාන පිරිනැමීමේ උත්සවයපැවැත්වින . ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අතින් ගාමිණී දිසානායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය, රත්නසිරි වික්‍රමනායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය ඇතුළු සම්මාන රැසක් පිරිනැමීම සිදුකෙරුණි.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය යටතේ ප්‍රාදේශීය කාර්යාල 08, උප කාර්යාල 26 ක් සහ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල 144ක් මගින් තේ කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙනු ලබයි.ගාමිණී දිසානායක අනුස්මරණ විශේෂ ස්වර්ණ සම්මානය හිමිකරගත් කුඩා තේ වතු සංවර්ධන අදිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී ජයසිංහ මහතා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් එම සම්මානය ලබාගත් අයුරු. කුඩා තේ වතු සංවර්දන අදිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතාද ඡයරුපයේ වෙති මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහත්වරු ඇතුථ විශාල පිරිසක් සහභාගි විය .

බන්දුල අලහකෝන්
« PREV
NEXT »