BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 06, 2017

පක්ෂයෙන් පිට පැන්නොත් සාමාජිකත්වයත් මන්ත්‍රීධුරයත් අහෝසියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසිය.

පක්ෂයේ සාමාජිකයෙකුට වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදෙන ඒ මහතා එසේ සහාය ලබා දෙන්නේ නම් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවද එවැනි පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවකු හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දෙන්නේ නම් එවැනි අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහැකි බවත් එවැනි පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීධූර අහෝසි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නිරීක්ෂණය කරනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව සාක්කි සහිතව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගන්නාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබමින් වෙනත් දේශපාලන පක්ෂවලට සහාය ලබාදෙන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරනවා. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගන්නවා.

කොරියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව දකුණු කොරියාවේ සාර්ථක නිල සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගන්නට සමත්වූණා. ඇමැතිවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ සංචාරය සිදු වූ බවද එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉහළම ගෞරවයක් හිමිවූණා. ඊට අමතරව මේ සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකාවට වැසි රැසක් අත්වූණා.

මේ අතර හම්බන්තොට වරායේ සේවකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පවතින සමාගම ඈවර කිරීමත් සමඟ එම සේවකයන්ට වන්දියක් ලබාදී සේවයෙන් ඉවත් කළද නව සමාගම යටතේ නැවත සේවයට පැමිණීමට අවස්ථාව හිමිව තිබෙන බවයි. ඒ අනුව වන්දියක් ලබාගෙන යළිත් සේවයට පැමිණීමේ අවස්ථාව උදාවන්නේ ශ්‍රී ලංකාවේ පළමුවරට බවද මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
« PREV
NEXT »