Wednesday, December 27, 2017
Home
Gossip Lanka News
මාර්ග තදබදය අඩු කරන්න සැහැල්ලු දුම්රිය
මාර්ග තදබදය අඩු කරන්න සැහැල්ලු දුම්රිය
-
Wednesday, December 27, 2017
කොළඹ ප්‍රධානව බස්නාහිර පළාත තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන් සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කැර ඇත. දැනට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන අයගේ ප්‍රතිශතය සියයට 52කි.
රථවාහන තද බදය අවම කිරීම සඳහා කොළඹ නගරය ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කැර ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යනයනය මේ දිනවල සිදු කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා පැවසීය.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අැමැති පාඨලී චම්පික රණවක මහතාගේ මෙහෙයවීම මත කොළඹ නගරය ඇතුලු ප්‍රදේශ ගණනාවක් ආවරණය වන මේ දුම්රිය මාර්ග සකස් කිරීමට සැලසුම් කැර ඇති බවද ඩිමන්ත ද සිල්වා මහතා කීය.
කොම්පඤ්ඤවීදය, බම්බලපිටිය, බොරැල්ල, බණ්ඩාරානයක සම්මන්ත්‍රණ ශාලාව, ඇස්වාට්ටුව, ගාමිණි හොල් හරහා කොල්ලුපිටිය සහ කොටුව සිට එක් මාර්ගයක්ද අනෙක කොටහේන හරහා මරදාන සිට මට්ටක්කුලිය දක්වාද බම්බලපිටිය සිට කිරුලපන සහ දෙමටගොඩට දක්වාත් සැහැල්ලු දුම්රිය මාර්ග යෙදීමට සැලසුම් කර ඇති බවද හෙතෙම අනාවරණය කෙළේය. කොට්ටාව සහ කඩුවෙල දක්වා මාලඹේ සිටද කිරිබත්ගොඩ හරහා ආමර් විදියේ සිට කඩවත දක්වා තවත් මාර්ග දෙකක් ඉඳි කිරිමටද නියමිතය.
ශඛ්‍යතා අධ්‍යයන වාර්තාව මඟින් කොළ එළිය ලැබුණු පසු මාලඹේ සිට කොළඹ කොටුව දක්වා මාර්ගය සඳහා එල්. ආර්. ටි .ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දෙන ජයිකා වෙතින් ලැබෙන ණය සඳහා වන ගිවිසුම ලබන වසරේ අත්සන් කෙරෙන බව
ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද ආරියදාස මහතා පවසයි. ඉන්පසු ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කෙළේය.මාලඹේ සිට කොළඹ කොටුව දක්වා ඉඳි කෙරෙන එල්.ආර්.ටි. සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිවෙන බවද හෙතෙම පැවසිය. මේ සඳහා ජයිකා ආතනයෙන් මඟින් පොලිය දශම එකක ප්‍රතිශතයක් මත සහනදායී ණයක් ලැබෙන බවත් එම ණය ආපසු ගෙවීම සඳහා වසර දහයක අනුග්‍රහ කාලයක් ලැබෙන බවත් සඳහන් කෙළේය.
මේ මාර්ගය නිම කිරීමෙන් පසුව මාළඹේ සිට කොළඹ කොටුවට හෝ මාළඹේ සිට කොල්ලුපිටිය දක්වා යාමට ගත වන කාලය විනාඩි 30 කටත් වඩා අඩු වන බවද පැවසීය. මේ අතර වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ සහ ඒ අවට ඇළ මාර්ගයන්වල මගී පාරු සේවාවක් ආරම්භ කිරීමටද නියමිතය. දැනට මහා මාර්ග කිහිපයක පෙරවරු හයේ සිට නවය දක්වා ක්‍රියාත්මක වන ප්‍රමුඛතා බස් තීරුව ව්‍යාප්ත කිරීමද සිදු වේ. රාජගිරිය ගුවන් මගී පාලම ලබන ජනවාරි 8 වැනි දා විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තු පාරේ වාහන තදබදය අඩු වනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කරයි.
සඳසෙන් මාරසිංහ
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...